Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන (CGTTI) ඒක්ව විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය අරමුණු කරගත් තරුණ ශ්‍රී ලාංකික කාන්තාවන් සිවිබල ගැන්වීම සඳහා “Caltex Abimani: Women in STEM” නම් ආයතනිකන් සමාජ වගකීම් (CSR) වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි.
මෙම වැඩසටහනෙන් Chevron ආයතනයේ විවිධත්වය ඉස්මතු කරයි. 2025 වසරේ පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා අර්ධ කාලීන පාඨමාලා හදාරා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 100 දෙනෙක්ට ශිෂ්‍යත්ව ලබාදීමෙන්, ඔවුන්ගේ තාක්ෂණික පුහුණුව සාර්ථක වෘත්තීය ජීවිතයකට පරිවර්තනය කරගැනීමට අවශ්‍ය උපකරණ සහ විශ්වාසය ගොඩනැගීමට මෙම වැඩසටහන සහාය වනු ඇත.
කොළඹ දී පැවති ආරම්භක උත්සවය, Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය අතර දිගුකාලීන සහයෝගිතාව තුළ වැදගත් සංදිස්ඨානයක් සනිටුහන් කළේය. තාක්ෂණික අධ්‍යපානය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩිදියුණු කරමින්, නවෝත්පාදනශීලී සහ අනාගතයට සූදානම් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා මෙම ආයතන දෙකම දිගින් දිගටම කැපවී සිටියි.
Caltex අභිමානි වැඩසටහන Chevron හි පුළුල් සමාජ වගකීම් දැක්ම සහ CGTTI ආයතනයේ දක්ෂ මිනිස් බලකායක් පෝෂණය කිරීමේ අරමුණ පිළිඹිඹු කරයි. රටේ තාක්ෂණික හා ඉංජිනේරු අනාගතය හැඩගැස්වීමට කාන්තාවන් නායකත්වය ගන්නා අවස්ථා නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින්, Chevron Lubricants Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී බර්ට්‍ර්ම් පෝල්, මහතා මෙසේ පැවසීය.
“Chevron Lubricants Lanka PLC හි Caltexඅභිමානි වැඩසටහන අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නායකත්ව අවස්ථා හරහා කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ අපගේ කැපවීම පිළිබිඹු කරයි. මෙම සිසුවියන්ට සහාය දීමෙන් කාන්තාවන්ට නායකත්වය ගෙන සාර්ථක විය හැකි අනාගතයක් අපි ගොඩනැගීම අපේ අරමුණයි. ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය සමග ඇති අපගේ හවුල්කාරීත්වය දීර්ඝකාලීන හා අර්ථවත් බලපෑමක් ඇති කිරීම පිළිබඳ අපගේ කැපවීම තවත් තහවුරු කරයි.”
මෙම අවස්ථාවේදී CGTTI හි අධ්‍යක්ෂ ගුණදාස සමරසිංහ මහතා ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“Ceylon German Technical Training Institute” ආයතනය ශ්‍රී ලංකාව සඳහා තාක්ෂණිකව දක්ෂ තරුණ පරපුරක් සංවර්ධනය කිරීමට කැපවී සිටින අතර, Chevron සමඟ මෙම සහයෝගිතාව එම අරමුණ තවත් ශක්තිමත් කරයි. Caltex Abimani වැඩසටහන හරහා ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය ලෙස වැඩි කළ යුතු අවස්ථාවල, තරුණ කාන්තාවන්ට වැඩි අවස්ථා ලබාදීමට අපට හැකි වේ.

