කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකු රක්ෂණ සමාගමේ (M.B.S.L රක්ෂණ සමාගම) අම්බලන්ගොඩ ශාඛාව ස්ථීර නව ගොඩනැගිල්ලකට ගෙන යාමේ උත්සවයක් එම රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ (සාමානය රක්ෂණ) ලලිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ පරණ ගාලු පාරේදී විවෘත කෙරිණ.
එම රක්ෂණ සමාගමේ අම්බලන්ගොඩ ශාඛාව වසර පහකට අධික කාලයක් තිස්සේ සිට උප ශාඛාවක් ලෙස රක්ෂණ කටයුතු පවත්වාගෙන ගිය අතර, එයින් මිදී තමන්ටම වෙන්වූ කාර්යාලයක රක්ෂණ කටයුතු ආරම්භ කිරීම මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනුණි.
අම්බලන්ගොඩ නගරය මූලික කොටගෙන ඊට යාබද තදාසන්න නගර වන බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොළ, බද්දෙගම හා හික්කඩුව යන නගරවල රක්ෂණ කටයුතු විවෘත කෙරුණු මේ නව කාර්යාලයෙන් සිදු කෙරෙන බව එම රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂක ලලිත් පනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
එම්.බී.එස්.එල්. රක්ෂණ සමාගමේ අම්බලන්ගොඩ ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එම සමාගමේ බෙදාහැරීමේ ප්‍රධානී සජීව චන්ද්‍රසේන, කලාප ප්‍රධානී ලලිත් ද සිල්වා, අම්බලන්ගොඩ ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකරු නලින් ද සොයිසා යන මහත්වරු සහභාගීවූහ.

