
Agrovista සමූහයට අනුබද්ධ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බල ශක්ති සමාගමක් වන Vista Solar Energy සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර බල ශක්ති විසඳුම් සංවර්ධනයට සපයා ඇති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Global Synergy Awards සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර විය.Vista Solar Energy සමාගම ගෘහස්ථ, ව්‍යාපාර සහ කර්මාන්ත ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය බල ශක්ති විසඳුම් සපයමින් ශ්‍රී ලංකාවේ නවීකරණය වන බල ශක්ති ක්ෂේත්‍රයේ වැදගත් භූමිකාවක් ඉටු කරයි.
පිරිසුදු බල ශක්ති භාවිතය ප්‍රවර්ධනය කරමින් පාරිභෝගිකයන්ගේ විදුලි වියදම් අඩු කිරීමටත්, කාබන් විමෝචනය අඩු කිරීමටත් සමාගම සාර්ථකව දායක වී ඇත. මෙම සම්මානය සමාගමේ නවෝත්පාදන, උසස් සේවා තත්වය සහ පරිසර තිරසාරභාවය පිළිබඳ ඇති දැඩි කැපවීම පිළිබඳ පිළිගැනීමකි. පසුගිය වසර තුළ Vista Solar Energy සමාගම දිවයින පුරා සූර්ය බල ශක්ති ස්ථාපන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර වර්ධනය වන ඉල්ලුම සැපිරීමට තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් සිටියි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Agrovista සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සේනක විජේසිංහ මෙසේ පැවැසීය. “මෙය සම්පූර්ණAgrovista පවුලටම ගෞරවනීය අවස්ථාවක්. ව්‍යාපාරවලටත් පරිසරයටත් ප්‍රයෝජනවත් බල ශක්ති විසඳුම් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට දායක වීම අපගේ දැක්මයි.” Agrovista සමූහයේ විවිධාංගිකරණය වූ ව්‍යාපාර ව්‍යුහයේ වැදගත් කොටසක් ලෙස Vista Solar Energy ඉතා ඉක්මනින් ඉදිරියට පැමිණ ඇත. Agrovista කර්මාන්තය, ලොජිස්ටික්ස්, සංචාරක හා බල ශක්ති ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශවල කටයුතු කරන අතර සූර්ය බල ශක්තිය එහි දිගුකාලීන තිරසාර දැක්ම තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්ති භාවිතය වේගයෙන් වර්ධනය වීමත් සමඟ උසස් තත්වයේ ස්ථාපන සහ වෘත්තීය සේවා සපයන සමාගම් සඳහා නව අවස්ථා විවෘත වී ඇති බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. Global Synergy Awards හිදී ලැබූ ජයග්‍රහණය Vista Solar Energy සමාගම විශ්වාසනීය සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නෙකු ලෙස පිළිගැනීමට තවත් ශක්තියක් සපයයි. අනාගතයේදී පුළුල් කිරීමේ සැලසුම් සමඟ Vista Solar Energy ශ්‍රී ලංකාවේ පිරිසිදු සහ නවීකරණශීලී බල ශක්ති භාවිතය තව දුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ වෙළෙඳපොළේ තම ස්ථානය තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙයි.

