

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ නියෝජිතයකු වන Euro Motors Private Limiteවිසින් මෙරටට හඳුන්වා දෙනු ලබන ලොව සුප්‍රකට Dongfeng සන්නාමයේ නවතම අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩ, හයිලෙවල් පාරේ අංක 214 දරන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ වාණිජ රථවාහන ප්‍රදර්ශනාගාර අතර වඩාත් ප්‍රමුඛ සහ උසස්ම ප්‍රමිතියෙන් යුත් ස්ථානයක් ලෙස සැලකෙන මෙය කර්මාන්තයේ පාරිභෝගික සේවා අත්දැකීම නව මානයකට ඔසවා තැබීමට සමත්ව ඇත.
මෙම නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සම්පූර්ණ සේවාවක් සැපයීමේ අරමුණෙනි. Dongfeng සන්නාමයේ සැහැල්ලු, මධ්‍යම සහ බර වැඩ සඳහා භාවිත කරන ට්‍රක් රථ ඇතුළු සමස්ත වාණිජ රථවාහන මාදිලි පෙළම එකම ස්ථානයක දී දැකබලා ගත හැකිය. එමගින් පාරිභෝගිකයන්ට විවිධ රථවල කාර්යසාධනය එකිනෙක සංසන්දනය කර තමන්ට වඩාත් සුදුසු වාහනය තෝරාගැනීමට පහසුව සලසා දී ඇත.
ප්‍රදර්ශනාගාරයේ ඉඩකඩ සහිත නවීන සැකසුම නිසා පාරිභෝගිකයන්ට රථවාහනවල ගුණාත්මකභාවය, උසස් තාක්ෂණික අංග සහ ඉංජිනේරු ප්‍රමිතීන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවේ. මෙය ව්‍යාපාරිකයන්ට, ප්‍රවාහන සේවා මෙහෙයවන්නන්ට සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට තම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා පවතින විසඳුම් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකි අන්තර්ක්‍රියාකාරී පරිශ්‍රයකි.

