DIMO සහ Siemens එක්ව EVO by DIMO හඳුන්වා දෙයි



DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO ආරම්භ කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාව ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මේ හරහා DIMO විසින් ගෝලීය වශයෙන් පිළිගත් Siemens commercial EV chargers මාලාව ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර EV භාවිතය වර්ධනය කිරීමට ශක්තිමත් පදනමක් සකසයි.

Siemens commercial EV charging  මාලාව, කාර්යාල සංකීර්ණ, වාණිජ ගොඩනැගිලි, සාප්පු සංකීර්ණ, හෝටල් සහ නිවාඩු නිකේතන, රෝහල්, විශ්ව විද්‍යාල සහ පෞද්ගලික EV ආරෝපණ මධ්‍යස්ථාන වැනි වැඩි ධාරිතා අවශ්‍යතාවක් ඇති පරිසර සඳහා නිර්මාණය කර ඇත. ලංකාවේ EV ක්ෂේත්‍රයේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම චාජර් මගින් උසස් කාර්යක්ෂමතාව සහ බලශක්ති සුරක්ෂිතතාව සමගින් වාණිජමය පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ යටිතල පහසුකම්, තරගකාරී වටිනාකමකින් ලබා දෙයි.

EVO by DIMO හරහා, ලංකාවේ පළමු dual-gun AC 22kW චාජර් IP65 ​ශ්‍රේණිගත කිරීමක් සහිතව හඳුන්වා දෙන අතර, මෙමගින් එකවර වාහන දෙකක් ආරෝපණය කළ හැකි පහසුකම් ගොඩනගයි. මෙය ලංකාවේ උෂ්ණත්වයට සහ එළිමහන් තත්වයට ගැළපෙන ආකාරයට නිර්මාණය කර ඇත.

ඉදිරියට, EVO by DIMO විසින් EVO by DIMO App හරහා රටේ පුරා වාණිජ EV චාජර් ජාලයක් ගොඩනැගීමට අපේක්ෂා කරයි. මෙම යෙදුම මගින් පරිශීලකයන්ට ළඟම ඇති ආරෝපණ මධ්‍යස්ථාන සොයා ගැනීමට ඉඩ සලසයි. “No Wallet Needed” විශේෂාංගය හරහා, පෙර ගෙවීම් පිළිබඳව කනගාටු නොවී, ආරක්ෂිතව කාඩ්පත් භාවිතයෙන් පහසු ගෙවීම් කළ හැක. පරිශීලකයන්ට ආරෝපණ සැසි ආරම්භ/අවසන් කිරීම, කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සහ අවසන් වූ විට දැනුම්දීම් ලබා ගැනීමේ හැකියාව ඇත.

EVO by DIMO, ලංකාවේ පළමු ජංගම DC මාර්ගගත ආරෝපණ පහසුකම ද හඳුන්වා දීමට සැලසුම් කරයි. එසේම හදිසි, ස්ථානීය ආරෝපණයක් සැපයීම සඳහා කැපවූ මාර්ග සහායක වාහනයක් හරහා කිලෝවොට් 30 DC ආරෝපණ යන්ත්‍රයක් යෙදවීමට අදහස් කරයි. Siemens EV චාජර් මාලාව NFC පද්ධතිය සහිතව නිර්මාණය කර ඇති බැවින්, හෝටල්, කාර්යාල සහ වාණිජ ආයතන සඳහා පෞද්ගලික ප්‍රවේශ පාලන පහසුකම් ලබා දිය හැක.

EVO by DIMO, තම ජාලය ගොඩනැගීමේ පමණක් නොව, වෙනත් EV ආරෝපණ ජාල සැපයුම්කරුවන්ට විශ්වාසනීය උපකරණ සහ සේවා සැපයුම්කරු ලෙස ද කටයුතු කිරීමට සැලසුම් කරයි. තාක්ෂණය, ඉංජිනේරු දැනුම සහ අලෙවියෙන් පසු සේවා හැකියාවෙන් ලංකාවේ ආරෝපණ පරිසර පද්ධතියේ පුළුල් සංවර්ධනයට සහාය වීමට DIMO අපේක්ෂා කරයි.

DIMO හි බලශක්ති අංශයේ සාමාන්‍යාධිකාරී ෂෙහාන් අමරතුංග මහතා මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ EVO by DIMO හරහා Siemens commercial EV chargers හඳුන්වා දීම, ලංකාව සඳහා ශක්තිමත් සහ අනාගතයට සුදානම් ආරෝපණ ජාලයක් ගොඩනැගීමේ තීරණාත්මක පියවරක් බවය.