
ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉෂුවරන්ස් කෝපරේෂන් (SLIC), ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙරට ප්‍රමුඛතම පාපැදි තරගාවලිය වන ‘2026 ගුවන් හමුදා පාපැදි සවාරි’යෙහි නිල රක්ෂණ සහකරු ලෙස ඉදිරිපත් විය.
1999 වසරේ දී ආරම්භ කරන ලද මෙම පාපැදි තරගය ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරගයක් බවට පත්ව ඇති අතර, එය 2026 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව පවත්වනු ලැබූ 27 වන පාපැදි සවාරිය වීමද විශේෂත්වයකි.
මෙවර දින තුනක් පුරා පැවැත්වුණු මෙම තරගය සඳහා විදෙස් ක්‍රීඩකයන් ද ඇතුළුව 150කට අධික ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වූ අතර, තරගයේ ධාවන දුර ප්‍රමාණය කිලෝමීටර් 500කට වඩා වැඩි විය. මෙම තරගාවලිය හරහා ක්‍රීඩකයන් අතර තරගකාරීත්වය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාව දක්වනු ලැබූ කැපවීම මනාව පෙන්නුම් කෙරිණි.
පාපැදි ධාවන තරගය පසුගිය පෙබරවාරි මස 27 වන දින මීගමුවෙන් ආරම්භ වූ අතර, එහි පළමු දිනය හලාවතින් අවසන් කෙරිණි. තරගයේ දෙවැනි දිනය හලාවත සිට දඹුල්ල දක්වා පැවැත්වුණු අතර, අවසන් අදියර මාර්තු මස 1 වන දින දඹුල්ලෙන් ආරම්භ වී ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් නිමාවට පත් විය. තවද, ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් ඔවුන්ව දිරිගැන්වීමේ පියවරක් ලෙස, මාර්තු 1 වන දින මීරිගම සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වා කාන්තා පාපැදි තරගයක් ද මීට සමගාමිව පවත්වන ලදී.
ජීවිතය යනු නිදහසේ විඳීමට ඇති දෙයක් බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLIC Genaral) හි විශ්වාසයයි. පුද්ගල දක්ෂතා ඔප්නැංවීමටත්, සමාජය එකමුතු කිරීමටත්, රටේ දියුණුවටත් ක්‍රීඩාව ඉතා වැදගත් වේ. අනපේක්ෂිත අනතුරක් සිදු වුවහොත් ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකය සමගින්, ලාංකිකයන්ට තම සිතැගි සහ දක්ෂතා බියකින් සහ බාධාවකින් තොරව ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දීමට SLICGL කැපවී කටයුතු කරයි.
මෙම තරගාවලියට සහභාගී වූ සියලුම දෙනාට SLICGL විසින් පුළුල් ආරක්ෂාවක් සලසා දුන් අතර, තරගයේ ලියාපදිංචි ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙනුවෙන් පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් ද පිරිනමන ලදී. නරඹන්නන් සහ වෙනත් පාර්ශව සඳහා පොදු වගකීම් රක්ෂණාවරණයක් ද, ආරක්ෂක හා මග පෙන්වීම් සහ මාර්ග පාලන කටයුතු සඳහා යොදවා ඇති පොලිස් රථ වාහන වෙනුවෙන් තාවකාලික මෝටර් රථ රක්ෂණාවරණයක් ද ලබා දීමට කටයුතු කරන ලදී. මෙම රක්ෂණාවරණය හේතුවෙන්, සහභාගීවන්නන්ට, නරඹන්නන්ට සහ අනෙකුත් සියලුම පාර්ශවයන්ට අනපේක්ෂිත අවදානමකදී තමන්ට ලැබෙන රැකවරණය පිළිබඳ විශ්වසනීයත්වයකින් යුතුව මෙම තරගයට සම්බන්ධ වීමට අවස්ථාව හිමි විය.
එමෙන්ම, ක්‍රීඩාව සහ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීමේ පුළුල් උපායමාර්ගයක් ලෙස, පාපැදි තරඟ සඳහා දායකත්වය ලබා දීමට සහ තම ‘Mediplus’ සෞඛ්‍ය රක්ෂණ විසඳුම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ද SLICGL ක්‍රියාකාරීව සිය ප්‍රමුඛතාව ලබා දෙනු ලබයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙමින්, සෞඛ්‍ය රක්ෂණය සහ ජීවන රටාව අතර ඇති සම්බන්ධය තහවුරු කිරීමටත්, ආරක්ෂාව සහ විශ්වාසය පිළිබඳ සහතිකයක් ලබා දීමටත් SLICGL කටයුතු කරයි. නිරෝගී ජීවන රටාවක් ගත කිරීම පිළිබඳව ප්‍රවර්ධනය කිරීමේ හවුල්කරුවකු වන SLICGL සමාගම, රක්ෂණ සහ සෞඛ්‍ය යන අංශ දෙකෙහිම විශ්වසනීයත්වයක් ගොඩනගමින්, රාජ්‍ය අනුග්‍රහය සහිත ජාතික මට්ටමේ ක්‍රීඩා ව්‍යාපෘතීන් සමඟ ද එක්ව අඛණ්ඩව කටයුතු කරනු ලබයි.




