ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට


(මංගල එදිරිසිංහ  සහ චමිලා අල්විස්)

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව   188 කි.

හොරණ මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු  දිළුම් මදුරංග මහතාය.ඇගේ මව සජානා නේපාලි මහත්මියයි.

හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මත මෙම ජයග්‍රහාණය හිමිකර ගත් බව බිසන්ධි යෙවින්යා සිසුවිය කීවාය.