
(ගයාන් සූරියආරච්චි)
මරදාන ටයිනි වොට්ස් පෙර පාසලේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී දරුදැරියන් ගේ දස්කම් රැසක් එළිදැක්වුණු අතර තෑගි පිරිනැමීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ බිරිය ප්‍රශන්ති ප්‍රනාන්දු මහත්මිය පොලිස් සුභසාධක කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්ලිව් ජේ පද්මිණි යන මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ දුවා දරුවන් සහ මවුපියන් රැසක් සහභාගි වී සිටියහ.



