(පාලිත මඩුගල්ලේ)
උඩදුම්බර හුදකලා ගමක පිහිටි මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 12 දෙනාගෙන් 10 දෙනකු විශිෂ්ඨ ලෙ ප්‍රතිඵල ලබාගනිමින් උසස් පෙළට සුදුසුකම් ලබාගෙන ඇතැයි තෙල්දෙණිය අධ්‍යාපන කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා කේ.වී. මලර් මහත්මිය ප්‍රකාශ කළාය.
මොවුන්ගෙන් 8 දෙනකු ඉංග්‍රීසි විෂය සමත් වීම විශේෂ කාරණයක් බවද මලර් මහත්මිය පැවසුවාය.
මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සී.කේ. චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කළේ ගුරු මහත්ම මහත්මීන් වෙහෙස මහන්සි වී ක්‍රියා කළ නිසා මෙවැනි උසස් ප්‍රතිඵලයක් අත් කර ගැනීමට හැකි වූ බවයි. එම සිසු සිසුවියෝ විශිෂ්ට සාමාර්ථ 17ක්, බී සමාර්ථ 13 ද, සී 34 සාමාර්ථ සහ එස් සාමර්ථ ද 22ක්ද වශයෙන් ලබා විභාගය ජයගෙන සිටිති.
විභාගය විශිෂ්ට ලෙස සමත් වූ අංජලී පබසරා, පබෝද්‍යා ගිම්හානි, උදයන්ගනී යාපා, සමිතා රසාංජලී, ශෂිකා දිල්රුක්ෂි, පන්සිළු ෂෙහාන්, පියුමාල් චතුපා, එරන්ද පියුමාල්, ලෝඩන බණ්ඩාර සහ සඳරු බණ්ඩාර යන සිසුන් ඡායාරූපයේ සිටියි.