
(බන්දු තඹවිට)
මතුගම ආඳාවල කණිෂ්ඨ විද්‍යාලයේ 2023 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා පදක්කම් පැළඳවීමේ උත්සවය පසුගියදා එම විදුහල ශාලාවේදී පැවැත්විණි.
විදුහල්පති කිරිබත්ගොඩ විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී මතුගම ආඳාවල කණිෂ්ඨ විද්‍යාලයේ 2023 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස සනුජ නෙත්සර පතිරණ ද ,උප ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එච්.ඒ.කවිඳු ධනංජය ද ,ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කේ.ඕෂදී චමල්කා ද ,උප ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස ඩී.ඉඳුනි අප්සරා ද පදක්කම් හිමිකර ගත්හ.
මතුගම ආඳාවල කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායම විදුහල්පති කිරිබත්ගොඩ විමලධම්ම හිමියන් සහ නියෝජ්‍ය විදුහල්පති ජේ.කේ.බණ්ඩාර මහතා ඇතුළු විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සමග සමුහ ඡායාරුපයෙන් දැක්වේ.

