(මොනරාගල කේෂර ගුණතිලක)
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පසුගිය දින වලදී පැවති 2025 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලියේදී බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයට ජයග්‍රහණ රැසක් හිමිවී ඇත.
අවුරුදු 14 පහළ100x4 සහාය දිවීමේ තරඟයෙන් රන් පදක්කම විද්‍යාලයේ වොනාදී කවනිකා,සයුමි විහන්සා,තෙශිකා දෙව්මිනී සහ ඕශදී යන ශිෂ්‍යාවන් හිමිකරගෙන තිබේ.
මීට අමතරව 12 පහළ 50x4 බාලිකා රන් පදක්කම,16 පහළ බාලිකා 100x4 රිදී පදක්කම,18 පහළ බාලිකා 100x4 රිදී පදක්කම,14 පහළ බාලිකා දුර පැනීම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර තිබේ.
විදුහල්පති එස්.එම් හිමාලි සමන් කුමාරි මහත්මියගේ උපදෙස් මත ක්‍රීඩා අංශය භාර අචාර්ය ඒ.ඩී.එස් කුමාරි මහත්මියගේ මෙහෙයවීම මත මළල ක්‍රීඩා පුහුණුකරුවන් වන ඒ.එම් තිලංක බණ්ඩාර,එල්.එරංග සිතාර යන මහත්වරුන් විසින් කණ්ඩායම් පුහුණු කර ඇත.

