
(කේෂර ගුණතිලක)
ජවසම්පන්න පුරවැසියෙක්,ජයග්‍රාහී ජනතාවක්,සුරකින්න ඔබේ ශරීරය “Fitness For All” යන තේමාව යටතේ ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තුමේන්තුව සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බඩල්කුඹුර ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට සහ පාලිකාවන් වෙනුවෙන් පවත්වන ශරීර සුවතා වැඩසටහන් මාලාවක් පසුගියදා පෙර පාසල් පරිශ්‍රයන්හිදී පැවැත්විණි.
පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති දිසානායක මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර ක්‍රීඩා නිලධාරී යුසීමා සාරංගි මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ.වී.ඩී.සී විමලසිරි මහතා ද සහභාගී විය.

