(හේමලතා ඩී හේවගේ)
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
විදුහල්පතිනී ඉමෝජනී විජේනායක මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ මාපියන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ අසංක චාමින්ද මහතා අතින් ප්‍රධාන ශිෂ්‍ය නායක ඩ්බ්ලිව් ජිත්මල් රන්දිය සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඊ ඒ තනුදි සනුපමා යන සිසු සිසුවියන් හට නිල ලාංඡන පළඳවනු ලැබූහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරු උපදේශකවරුන් සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන් හා ඔවුන්ගේ මාපියෝ සහභාගීවී සිටියහ.