අලුත්ගම සාරධර්ම පෙරහර විදී සරයි


(තුසිත කුමාරද සිල්වා) 

බේරුවල දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් අලුත්ගම කලාපීය ශාසනාරක්ෂක විහාරස්ථාන එකමුතුවේ දහම්පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන සාරධර්ම පෙරහර පසුගියදා කලුවාමෝදර  ක්ෂේත්‍රාරාම මහා විහාර  වෙලේ පන්සල භූමියෙන් ආරම්භ  වීදී සංචාරය කරහ.

ඓතිහාසික කන්ද විහාර මංසන්ධිය, සිරිපතිපාර, පූරාරාමපාර, අලුත්ගම ඩිපෝ හන්දිය, ගාලු පාර ඔස්සේ කලුවා මෝදර ශ්‍රී කල්‍යාණාරාම මහා විහාරය දක්වා ගමන් කරන පෙරහරට බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වලතර සුභූති, ලේඛකාධිකාරී මොරගල්ලේ අරිය විමලතිස්ස,  බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත්‍රි මූර්ති හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා මත ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් දහම් පාසල් ගුරුවරුන්,දෙමාපියන් සිසු දරු දැරියන් විවිධ සංස්කෘතිකාංග ඇතුළත් නර්තනාංග සමගින් විචිත්‍රවත් ව මෙම පෙරහර  අලුත්ගම විහාරස්ථ ශාසනාරක්ෂක එකමුතුව විසින් සංවිධානය කරන බව පවසයි.