(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉකුත් ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ රුපියල් කෝටි 169 ක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් කෝටි 91 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රුපියල් කෝටි 70 ක් හා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් රුපියල් කෝටි 5.7 ක් මෙලෙස වියදම් කර ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ජනසත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි රුපියල් ලක්ෂ 60 ක් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජනරාල් මහේෂ් සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් වශයෙන් මෙම පිරිවැය දරා ඇත.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය විසින් මෙම ප්‍රචාරණ වියදම්වලට අදාළ වාර්තා සකස් කරනු ලැබී යැයි ද මංජුල ගජනායක මහතා කීවේය.
මෙම ප්‍රචාරණ වැය ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව නොවැම්බර් 6 වැනිදා සිට 8 වැනිදා දක්වා දින දෙකක කාලයේදී රුපියල් කෝටි 27 ක් වාර්තා වීම විශේෂත්වයක් යැයි ද ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අවසන් දින කීපයේ වියදම් වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉකුත් ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ රුපියල් කෝටි 169 ක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 තෙක් අපේක්ෂකයින්ගේ වියදම කෝටි 169 ක්
රවින් Monday, 11 November 2019 02:03 PM
මෙහෙම වියදම් කරලා බලයට ආපුගමන් ආපහු වියදම පියවා ගන්න ක්‍රම හා විදි හොයනවා. කාටද පිස්සු? ඡන්දය දෙන අපිද? ඡන්දය ලබාගන්න පොරකන කට්ටියද?
Rohana Monday, 11 November 2019 04:37 PM
මෙන්න මේවා තමයි සැබෑ ආයෝජන. වෙනසකට තියෙන්නේ දිනන කෙනාටයි ඔක්කොම ප්‍රතිලාභ ගලාගෙන එන්නේ.