වැලි ලොරියක විදුලි රැහැනක් පැටලී රියදුරු මරුට වවුනියාව ඊච්චන්කුලම සුන්දරපුරම් ප්‍රදේශයේ නිවසකට අද (16) අලුයම ටිපර් රථයකින් වැලි බාමින් සිටියදී එම රථය විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරකින් එහි රියදුරු මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 16 October 2018
කඩයක් කොල්ලකා යතුරු පැදියෙන් පලා යද්දී වෑන් රථයක ගැටෙයි ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකරු පළාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. 14 October 2018
හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා කිරමදී විරෝධතාවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්රමන්ත්රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් පැවැත්විණි. 14 October 2018
අලුත්ගම කෝවිලේ කිරි කල පෙරහර අලුත්ගම ශ්‍රී භදාකාලි අම්මන් කෝවිලේ වාර්ෂික මහා රථ උත්සවය සමගාමීව කිරි කල පෙරහැර සහ මැණියන්ගේ රථය ඇතුළු විශෙෂාංග ඇතුලත් පෙරහැර අද අලූත්ගම වැලිපැන්න පාරේ තංගවේලූ සාමි කෝවිල අසලින් ආරම්භ අද විදි සංචාරය කළේය. 14 October 2018
පොල්අතුමෝදර ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් ගොඩගනී වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 14 October 2018
පාසල් ගෘහ විද්‍යා වැඩමුලුවක් බේරුවලදී ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍රියාකාරකම් වැඩ මුළුවක් එම හෝටලයෙදි පැවැත්විය. 13 October 2018
නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට සූරියවැව කරුවල්ගස්වැව පැලවිල්ල පුරාණ ගල් ලෙන් විහාරයේ නිදන් හෑරීමට ගිය හිමිනමක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 October 2018
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026