රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා.එතන යකා වැහී ආවේ ටයිටස් තොටවත්ත.
හේතුව දොස්තර හොඳහිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා.
තද වෙලා ආපු ටයිටස් තොටවත්ත
"ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා යන්න ගියාලු.
එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සින්දුව ..." බෑයි කියලා බෑයි කියලා බෑ."..වැඩේ ගොඩ ලු.
දවසක් ආවලු ප්‍රියා සූරිසේන සින්දුවක් ලියා ගන්න ප්‍රේම්ට කියලා.නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන.හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ.ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු.අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු.
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙනා ආයුතුවේ
හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න...ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ ...හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය වුණා.
දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලන් ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑගැහුව ලු මෙහෙම.
තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා
කියාලා...එකත් අද ප්‍රසිද්ධ සින්දුවක්..
දවසක් සුනිල් එදිරිසිංහ ආවලු ප්‍රේම් අයියා සින්දුව ලිව්වද කියලා අහගෙන.
හරි මම දෙන්නම් ඔයා ගිහිල්ලා එන්න කිව්වලු.
ඇත්තටම ඔහු සින්දුව ලියලා තිබුණේ නෑ.
ඔහු වටපිට බලන කොට දැක්කලු රේස් දාන තැනක අශ්වයා ගේ පිටේ ඉන්න අසරුවා ගේ පින්තූරෙ
ඔහු ලිව්වලු සින්දුව
මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
ප්‍රේමකීර්ති කියන්නෙ ගොඩාක් කැපිලි කෙටිලිවලට ලක් වුණ පුද්ගලයෙක්.
ඔහු මන්නාරම ප්‍රදේශයට යැව්වම ලස්සන සින්දුවක මූලාශ්‍ර ඔහුට හම්බ වුණා.
මන්නාරම් පිටිවැල්ලෙ
මදටිය වැල් ඔංචිල්ලෙ
කොණ්ඩෙ කඩන් හදට අඩං සින්දු කියන්නී
කුණ්ඩුමනී
අනුරාධපුරය යැව්වම ඔහු දැක්කා උදේම මරන්න ගෙනියන්න කොළඹට එවන්න හරක් පටවනවා කෝච්චියට.ඔහු ලිව්වා.
බානින් බැඳ රජරට පෙදෙසින්නෙ
කෝච්චි යේ නැග කොළඹට එන්නෙ
පිහියේ මුවහත ගෙල සිප ගන්නෙ
උදේම ඒ කය නිසසල වන්නෙ
මීට අමතරව ඔහුට කැපිලි දැම්ම අයට දැනෙනෙ මරු සිරා චිත්‍රපටය ට ඔහු සින්දුවක් ලිව්වා ...ඒකත් ලිව්වෙ ලියුම් කවරයක පිටකරයක
M.S fernando සහ ජෝතිපාල ගායනා කරන
තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා ..
රාමාටත් බැරි වුණාලු
මහවැඩකට පෙලඹුණා වූ
අපිව දැකලා එයා අඬනවා..
ආපහු කොළඹට ආපූ ප්‍රේම් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන මැදිරියට පැමිණි පසු විකාශනය පටන් ගන්න කොටම පුටුව වැට්ටුවලු.ඒ හඬ ගුවන් විදුලිය හරහා ඇහුණලු.
එතකොට ඔහු මෙහෙම කිව්වලු.
වැටුණේ පුටුව විතරයි
ප්‍රේම කීර්ති වැටුණේ නෑ
එච්.ඒ.ජේ. හුලුගල්ල නම් පත්‍ර කලාවේදියා මෙරට වඩාත් ප්‍රකට ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා ලෙසය. ඉන්දියාවේ සිට ‘ජේනස්’ නමින් ඩේලි නිවුස් පුවත්පතට ලිපි ලිය
රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා.එතන යකා වැහී ආවේ ටයිටස් තොටවත්ත. හේතුව දොස්තර හොඳහිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට
කිත්සිරි නිමල්ශාන්ත යනු අකලට පරවුණු මහනෙලකි. අපේ රටේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වගේම ගේයපද රචකයකු වූ ඔහු අනිතමානී කලාකරුවෙකි.
දවල් විවේක කාලයේ පන්තියෙන් බැහැරට නොගිය සුගත් වීරසේකර පන්තියේ තම අසුනේ වාඩි වී පොතක් බලමින් සිටියේ ය .
ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් සසර වසනතුරු නිවන් දකිනතුරු ගීතය ලියු හැටි ද හරිම අපූරුය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රේම් ගී නිමැවුම්