IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විවාහ වුණා කියලා කලාවෙන් සමුගන්නේ නැහැ - සංජානා ගමාරච්චි

සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්  හැඩකාර, දඟකාර රුවැත්තියක්.  මේ දවස්වල නම් ඈ  ගොඩක් කතාබහට ලක්වුණේ ඇගේ විවාහයේ වැඩකටයුතු නිසයි. 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය කැලඹූ ලංකාවේ ලොකුම bride to be කේක් එකත්  ඇයගේ විශේෂ අවධානයක් ලබාගැනීමට සමත් වුණා.ඒත් එක්කම ඇයගේ විවාහ උත්සවයත් වැඩි වශයෙන් කතාබහට ලක්වූ නිසාම ඇය සමගින් කතාබහක යෙදෙන්නට සිතුවා.

  • සංජානාත් බැන්දා එහෙනම් නේද?

ඔව්නෙ,මගෙ විවාහය පසුගිය 10 වැනිදා තමයි සිද්ද වුණේ.ඉතින් මට ලස්සන විවාහ උත්සවයක් ගන්න හැකිවුණා මං බලාපොරොත්තු වුණු විදියටම.ඒ ගැන සතුටුයි වගේම ඒ වෙනුවෙන් ගොඩක් දෙනෙක් උදව් කළා.  නම් වශයෙන් සදහන් නොකළත් ඒ හැමදෙනාම විශේෂයෙන් මතක් කරන්න ඕනැ.

  • ඉතින් ඔහු ගැනත් කියමු?

 

ඔහු විහග, විහග කියන්නෙ මට ඉතාම හොද සහකාරයෙක්,ඉතින් ඔහු එක්ක මේ ආරම්භ කරපු ගමන හොදින් ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.විශේෂයෙන්ම කියන්න ඕනැ මගේ කලා කටයුතුවලට ඔහු ලොකු සහයෝගයක් දෙනවා. අපි රටවල් දෙකක හිටියත් එ් සහයෝගය නිරන්තරයෙන් ලැබෙනවා.ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි විවාහයෙන් පස්සෙ කලාවෙන් ඉවත් වෙනවද කියන දේ, ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ. මොකද මම භාරගත්තු වැඩත් කිහිපයක් තියෙනවා. ඒවත්  කරගෙන ලංකාවෙ ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. නිවාඩුවක් ලැබුණු ගමන් ඔස්ට්‍රේලියා ගිහින් එන්න යනවා.

  • ඉතින් දැන් කලා කටයුතු ගැනකතා කළොත් මේ දවස්වල විකාශය වෙන "ප්‍රේම රස්තියාදුවෙ" නෙතුකිගේ චරිතෙ ගොඩක් ජනප්‍රියයි නේද?

මම ලංකාවට ආවෙ මාස අටහමාරකට පස්සෙ. ඒ ඇවිත් කරන මගේ පළවෙනි ටෙලිඩ්‍රාමා එක තමයි මේ. චරිතෙ ගැන කිව්වොත් නෙතුකි කියන්නේ ටිකක් දඟකාර, කටකාර විනෝදෙන් ඉන්න චරිතයක්. 

  • මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මට හැමදාම හොඳ ප්‍රතිචාර හම්බ වුණා. මම හිතනවා ඉදිරියටත් ඒ ආදරේ ඒ විදිහටම ප්‍රතිචාර ලැබෙයි කියලා.

  • පහුගිය දවස්වල සංජානා ලංකාවෙ හිටපු නැති නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවෙලා එහෙම නැද්ද?

ලංකාවෙන් යද්දි එහෙම වෙයිද කියලා ඇත්තටම මටත් හිතුණා. හැබැයි එහෙම දෙයක් වුණේ නැහැ, ආදරණීය ප්‍රේක්ෂකයන් ඒ විදිහටම මාත් එක්ක එකතු වෙලා හිටියා. ඒකට මගේ යූටියුබ් නාළිකාවත් එක හේතුවක් වුණා. මොකද ඒ හරහා හැම වෙලාවෙම වගේ මම මගේ දවසෙ වෙන දේවල්, ඕස්ට්‍රේලියාවෙ ඉඳන් මම මොනවද කරන්නෙ වගේ දේවල්  ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගත්තා. ඒ නිසා ප්‍රතිචාරවල අඩුවක් දැනුණේ නැහැ.

  • මේ දවස්වල වැඩකටයුතුත් මතක් කළොත්? 

අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. සමහර නිර්මාණවල මේ වෙනකොට රූගත කිරීම් පටන් අරන් තියෙන්නේ. ඊට අමතරව නම් මේ දවස්වල ගොඩක් වෙලාවට මෙගා ස්ටාර් එකත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නෙ. 

  • සංජානා ආදරේ ගැන මොකද හිතන්නේ?

ආදරේ කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම හැමෝටම ඕනෙ දෙයක්. ඉතින් අවශ්‍ය කාලෙදි, අවශ්‍ය විදිහට හරි ආදරයක් හම්බ වෙන එක හොඳයි.

  • කලා කටයුතුවලට සංජානාට පවුලෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

පොඩි කාලෙ නම් ඉතින් රඟපාන්න එනවට ගෙදරින් කැමති නැහැ. හැබැයි දැන් නම් හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක්  ලැබෙනවා. ඒක මට ලොකු ශක්තියක් වගේම සතුටක්.

  • ඉදිරි බලාපොරොත්තුව?

කලාව පැත්තෙන් කිව්වොත් මට ගැළපෙන, මම ආස චරිත කරලා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව, ඊට අමතරව මගේ නිවේදන වැඩකටයුතුත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.


 කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

විවාහ වුණා කියලා කලාවෙන් සමුගන්නේ නැහැ - සංජානා ගමාරච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site