IMG-LOGO

විවාහය ඔපවත් කරන ස්ත්‍රී පුරුෂ ගති ලක්ෂණ

විවාහය නැමති මන්දිරයට ඇතුළුවන්නේ ආදරය තුළින්ය. එහෙත් රන් හුයෙන් අතැඟිලි එක්කොට පියනගන විවාහ මන්දිරය තුළට වී සතුටක්, සුවයක් නැතිව කදුළැලි සලන අනාගතයක් උදාකර ගන්නේ ද කොතෙක්දැයි දනිමු. ඒ අතරින් සතුට සොයා යන ස්ත්‍රිී, පුරුෂයින් විවාහය යන අකුරු හතර තුළ තමන් අභිමත චර්යාවිධි හා නිදහස නොමැති බව හැගී යන කලද බොහෝ යුවතියන් පමණක්ම නොව වැඩි වයස් ගත මව්වරුද අනියන් සබදතා මගින් විනෝදයත්, විවේකයත් පමණක් නො ව ඒ අපුරු කාම තෘප්තිය ආශ්වාදය, රසය තුළින් ඇතිවන ඉන්ද්‍රිය පිනවා ගැනීමට ඔවුන් පෙළඹේ.


විවාහය යන අකුරු හතරේ තේරුම මෙසේය. වි - අකුරින් විශ්වාසයද වා - අකුරින් වාසනාවද, හ - අකුරින් හසරැල්ලද ය- අකුරින් යන මග යන්නයි. එය එසේ උවද යුගදිවියේ උණුසුමට තුරුළුවීම, අනාගත ලෝකයාට පිවීසිමට සහකරුවකු හෝ සහකාරියක් සොයනවිට පළමුව ඔවුන් කුමන වර්‍ගයට අයත් අයද යන්න සොයා බැලීම වටී. නැතිනම් නොවටි. එය දක්ෂ ජ්‍යෙතිඥයෙකුගෙන් අසා දැනගත යුතුයි. 


විවාහ වන විට ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ වර්‍ග සම විය යුතුයි. එහිදි වැදගත් වන්නේ පළමුව ලිංගික ක්‍රියාවන්ය. ලිංගික ක්‍රියා දෙදෙනාගේම සමානම් රන් රසසේ කිරි පැණි මෙන් මහළුවුවද හැසිරෙයි. ඒනිසා ඒඒ වර්‍ගයන් මෙසේ හඳුනා ගත යුතුයි.


ස්ත්‍රී වර්‍ගයා පද්මිණි, චිත්‍රානි, සංඛිනී, හස්තිනී වේ. පුරුෂ වර්‍ගයා සසක, මෘග, වෘෂභ, අශව නම් වේ. ඔවුන්ගේ ජන්ම ගති ලක්ෂණයන් මෙසේය.


පද්මිණි ස්ත්‍රී :- නෙළුම් මලක සිරිය පෙන්වන නෙත් ඇත. ස්වාමියාට භක්තිමත්ය. පතිවත රකින්නියකි. කටහඩ මිහිරිය. ආගමට ලැදියි. කතාවට වශිවේ. සිනාමුණක් ඇත. හංස දෙනුවක් වගේ ලාලිත ගමනින් යයි. පින්වන්තයි. ඇගේ නාසයේ දිග හා පුඬුවල වට ප්‍රමාණය අගල් 4” -5” වේ.


චිත්‍රානි ස්ත්‍රි :- මනෝහරී මෙන් රූපයක් ඇත. පර පරුපුරුෂ සේවනයට ප්‍රිය නොකරයි. සැමියාට ආදරය දක්වයි. භක්තිමත්ය. ඉවසීම, කාරුණික බව කාටත් සළකන්නියකි. ස්වල්ප සේවනයෙන් තෘප්තිමත් වේ. නාසයේ දිග පුඩුවල වට ප්‍රමාණය අගල් 5” - 6” වේ.
සංඛිනී ස්ත්‍රිය :- දිගු කේශ කලාපයකි. ලක්ෂණයි. සිරුර සිහින්ය. මහා හඬින් සිනාසෙයි. පුරුෂයින්ගේ රාශාධිකමට අනුරාගී දිනවන්නට සමත් කාම රාගයෙන් මත්වු පුර්ණ ආශාව ඇති තම සැමියාගෙන් පමණක් සෑහීමකට පත්නොවෙන අන් පුරුෂයින් සමග සේවනයේ යෙදීමට ප්‍රියකරන පවුලේ ඥාතින්ට ගරු නොකරන කාම ධේනුවක්, බඳුය. නාසයේ දිග වටපුඩුවල ප්‍රමාණය එක්කල විට අගල් 6” - 7” වේ.


හස්තිනි ස්ත්‍රිය :- ශරිරය මිදි සුවඳයි. ඇස් රතු පැහැයි, රවුම් මද ලක්ෂණ ශරීරයකි. කෙස් දිගැටි නොවේ. සැමියාට යටත් නොවන අහංකාර ගති ඇති, සැමියා හැර අන්පුරුෂයින් සමග රාගික හැඟිම් කම් සැප ඉටුකර තෘප්තිය ලැබීමට ආශා ඇත්තියන්ය. මේ ස්ත්‍රින් මහළු අයට ප්‍රිය කෙරේ. වැඩි වයස්කරුවන් සමග ලිංගික හැසිරිම්වලට ආශා ඇත. බාල මහලු තරුණ කා සමගත් හැසිරේ. සමහර විටෙක මේ ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග ලිංගිකව හැසිරෙයි රහසේ. තම කාම ආශාවන් කෙසේ හෝ ඉටුකර ගැනිමට වෙරදරත් නියෝය. ඇගේ නාසයේ දිග හා පුඩුවට වට ප්‍රමාණය අගල් 7”- 8” වේ.


පුරුෂයින් හතර වර්‍ගයේ ගති ලක්ෂණයන් මෙසේය.


සසක පුරුෂයා :- උස් මිටි මධ්‍ය ප්‍රමාණයකි. ශරීරයෙන් යුක්තයි. දෙමාපියන්ට සොහොයුරන්ට ලැදියි. වැඩිහිටියන්ට ගරු කරයි. සිත පිරිසිදුයි. ආගමට දෙවියන්ට ලැදියි. රහසින් කාමයේ හැසිරෙන්නේ නැත. ස්ත්‍රී සංසර්ගයේදි දුර්‍වලයි. නාසය අගල් 4” හෝ 4 1/2 ක් දිගටියි.


මෘග පුරුෂයා :- මහත් ශක්ති සම්පන්න කඩිසර ඇති දුටු අය වසඟකරන හිනාව ඇති දෙවියන් ප්‍රියකරන විශ්වාස කරන දහමට ලැදි ආගන්තුක සත්කාරයේ යෙදෙන්නන්ය. ස්ථිර හැඟීම් සිතුවිලි ඇත. සංගික, නැටුම් කලාවන්වලට ප්‍රියවේ. බොහෝ ආහාරවලට ගිජුය. නාසයේ දිග පුඩු දෙකේ වට ප්‍රමාණය අගල් 5 1/2” - 6” වේ. 


වාෂභ පුරුෂයා :- (මෙය වෘෂභ ලග්නය නොවේ) මිටි සිරුරෙන් යුත් ස්ථිර ගති ඇති පිරිපුන් සුඛිත ශරීරයෙන් යුක්ත දිව දිග, බොහෝ දරුවන් ලැබෙන නිතර කාමාධිකයෙන් පෙළෙන ස්ත්‍රී ඇසුරට ආශාව ඇති රාගය ගැන ස්ත්‍රීන්ගේ දේහ, ඇඳුම් මාරුකරන හැටි, නාන විට බලා සිටින ස්ත්‍රී ඇඳුම් සිඹින, කාමුක චිත්‍රපටි බලන, දුරකථනයෙන් ස්ත්‍රීන් සමග කථාබහකර ධාතු පිට කරගැනීම නිතර ඒ ගැනම හිත යොදවන අයවලුන්ය. මොවුන්ගේ නාසයේ දිග වට ප්‍රමාණය අගල් 6” - 7” වේ.


අශ්ව පුරුෂයා :- පාපීය හිතක් ඇත. ලොකු කන් ඇති ස්ථුල ශරීරයකින් යුක්තයි. අනුන්ගේ දොස් වැරදි සෙවීම කීම, බොරු කීම, ලැජ්ජා බය නැති වීම සොරකමට කපටි කමට හිතදෙන නින්දට ආශාවක් නැති අවලක්ෂණ දුර්‍වල රෝගී කුමන ස්ත්‍රියක් සමග හෝ දැඩි රාග තෘෂ්ණාවෙන් වෙලෙන ලැජ්ජා නැති අයකු වේ. නාසයේ හා පුඩුවල වට ප්‍රමාණය අඟල් 7” - 8” වේ.


මේ ඉහත කරුණු අනුව විවාහයේදී ස්ත්‍රි  පුරුෂ දෙවර්ගය සමවන්නේ මේ ආකාරයටය.


1. සසක වර්ගයේ පුරුෂයාට පද්මිණි ස්ත්‍රියද 2. මෘග වර්‍ගයේ පුරුෂයාට - චිත්‍රානි ස්ත්‍රියද 3. වෘෂභ වර්‍ගයේ පුරුෂයාට සංඛිනී ස්ත්‍රියද, 4. අශ්ව වර්‍ගයේ පුරුෂයාට හස්තින් ස්ත්‍රියද සම වේ.


සසක හා පද්මිනී දෙදෙනාගේ විවාහය විශිෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි. වාෂභ - චිත්‍රානි හා වෘෂභ හස්තනී යෝග්‍ය වේ. අශ්ව හා සංඛිනී වාසනාවන්ත විය හැක. එනිසා විවාහයේදී වර්ගය ගැන සොයා බැලීම වැදගත් වේ.


ඉඳුවර ගෞරව සම්මානනීය ජ්‍යෙතිෂ්‍ය ජෝති, ගුප්ත විද්‍යා කිර්ති
වාස්තු විද්‍යා උපදේශක,
ජිනදාස එදිරිසිංහ.
පොලිසිය පිටුපස, උඋ රඹුක්කන.



අදහස් (0)

විවාහය ඔපවත් කරන ස්ත්‍රී පුරුෂ ගති ලක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 259 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 135 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1768 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site