ගැමි රස කතා
පැරැණි ලංකාවේ ප්‍රධානතම ලේඛන මාධ්‍යය වූයේ පුස්කොළ පොත්ය. තල ගසේ ළා ගොබ කපා කටු සැස දමා තීරු කපා තීරු දමා උණු වතුරේ තම්බා පදම් කිරීමෙන් තල කොළ ලිවීම සඳහා භාවිතා විය. මෑතක් වන තෙක් ලංකාවේ හඳහන් ලීවේ පුස්කොළවලයි. සකස් කර ගත් පුස්කොළ පත්තිරි ලෙස කපා වෙන් කර පන්හිඳවලින් ලිවීම සම්ප්‍රදාය විය.
පන්හිඳෙන් ලිවූ විට පුස්කොළ පොත්වල අකුරු ලියවෙයි. එහෙත් අකුරු පැහැදිලිව දැකීමට පුස්කොළ කළු මැද ගත යුතු විය. ලියවන අකුරු කළු මැදීමෙන් පසුව පැහැදිලිව දිස්වෙයි. මිහිඳුහිමි කල ලංකාවට ලේඛන කලාව ආ පසු තවත් සියවස් තුනක් පමණ ධර්මය ආරක්ෂා කළේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩමින් රැකගත් භාණකවරුන්ය.
වලගම්බා රජු කල බැමිණිටියාසාය පැතිර යාමෙන් පසු බොහෝ භාණකවරු කුසගින්නේ මිය ගියහ. සමහරු දඹදිවට ගොස් පණ බේරා ගත්හ. වළගම්බා රජු කල අළුතින් ඉදිකළ අභයගිරිය පසුකල මහායානයට බරවුණු නිසා පිරිසිදු බුදුදහම රැක ගැනීමට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ යුතු විය. ඒනිසා වලගම්බා රජු කල මාතලේ ප්‍රදේශයේ අධිපතියකුගේ සහාය ඇතිව අවුරුද්දක පමණ කාලයක් ඉතිරි වී සිටි ථෙරවාදී භික්ෂූහු මාතලේ ආලෝක විහාරයේදී (අළු) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ.
මුල්කල පුස්කොළ ලිවීම යටතේ සිදුවූ දැවැන්තම කාර්යය වළගම්බා රජු කල රජුගේ උදව් ඇතිව හෝ නැතුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමයි. ඉන්පසු මහානාම රජු කල බුද්ධඝෝෂ හිමි සිංහල අටුවා පාලියට නැගීම ඉන්පසු සිදුවූ දැවැන්තම ලේඛන කාර්යය විය. බුද්ධඝෝෂ හිමිට පසු බුද්ධදත්ත ආදී හිමිවරු හෙළටුවා තවත් පාලියට නැගූහ.
මුල්කල පුස්කොළ ලිවීම සඳහා පන්සල් ආශ්‍රිතව තල ගස් වවන ලදී. ලංකාවේ ප්‍රසිද්ධම තල උයන මාවණැල්ලට නුදුරු ගලතර පිහිටා තිබුණි. සෙන්කඩගල කල තවත් ප්‍රකට තල් උයන් තල්වත්ත හා මුල්ගම්පළ තලඋයන්වත්ත අවට පිහිටා තිබුණි.
පන්හිඳෙන් ලිවූ පුස්කොළ විද කළු මැද ලී පතුරු යොදා බැඳ තබන ලදී. හිමිනමක් පුස්කොළ පොතක් ලිවූ පසු ඒ පොත් පිටපත් කර බෙදා හැරීමට ලියන්නෝ සිටියහ. සමහර පුස්කොළ පොත්වල එහි විස්තර වන කරුණු පැහැදිලි කිරීමට චිත්‍ර සටහන් යොදා ඇත. විශේෂයෙන් වෙද පොත්වල මේ බහුලව දැකිය හැක. පුස්කොළ පොත් ගබඩා කර තිබූ පොත්ගුල් විහාරවල ඒවායේ ආරක්ෂාවට සැවැන්දන මුල් යෙදුවේ කෘමීන්ගෙන් ආරක්ෂාවටයි. ඒ හැර සවස් වනවිට පුස්කොළ පොත් ආරක්ෂාවට හා කෘමි මර්දනයට දුම්මළ හෝ වෙනත් සුවඳ කුඩු පිළිස්සූ දුම් ඇල්ලීම සිදු විය. එය පොත් දිගුකල් රැක ගැනීමට හේතු විය. පොත්වල කෘමි මර්දනයද ඉන් සිදුවෙයි.
අද ලංකාවේ ඉතිරිව ඇති පැරැණිම පුස්කොළ පොත කුමක්ද? දඹදෙණි
කල ලියවුණු චුල්ලවග්ග පාලි පුස්කොළ පොත කොළඹ කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇත. එය දැනට අවුරුදු 850 ඉක්මවයි. ඒ නිසා දඹදෙණි යුගයට අයත් චුල්ලවග්ග පාලි පුස්තෙකාළ පොත ලංකාවේ දැනට ඉතිරිව ඇති පැරැණිම පුස්කොළ ග්‍රන්ථය වෙයි.
වත්තේගම හිටපු කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ලංකාවේ ඉතිරිව ඇති පැරැණිම පුස්ෙකාළ පොත කුමක්ද ?