IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


අභ්‍යවකාශයේ පිපුණු මල

ප්‍රචණ්ඩ වැලි කුණාටුවකට හසුවී, දිවි බේරාගෙන අඟහරු ලොවේ හුදෙකලා වන ඇමෙරිකන් නාසා ගගනගාමී මාක් වොට්නිගේ වික්‍රමය ඇතුළත් විද්‍යා ප්‍රබන්ධය ‘ද මාෂන්’ සිනමා නිර්මාණයක් බවට ද පත් වී අවසන්ය. අඟහරු ලොවේ හුදෙකලා වී, දිවි රැක ගැනීමේ අභියෝගයට මුහුණ දෙන වොට්නි, කිසිවක් වගා කරන්න බැරි, අඟහරු පස්වල අර්තාපල් වගා කරයි. ඒ, කෘත්‍රිම හරිතාගාරයක් තුළය. වොට්නි පොහොර වශයෙන් යොදන්නේ තමන්ගේම මලය. ‘ද මාෂන්’ විද්‍යා ප්‍රබන්ධයකි. කෙසේ නමුත්, පෘථිවි කක්ෂයට ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ගගනගාමී ස්කොට් කෙලී සැබැවින්ම මෙවැනි වික්‍රමයක් කළේය. ඒ, ඔහු සාත්තු සප්පායම් කළ සීනියා මල් පැළයක මලක් හට ගැනීමය. ඒ අනුව, අභ්‍යවකාශයේ පිපුණු පළමු මල ලෙස මෙම සීනියා මල ගිනස් වාර්තා අතරට ද එක් වී අවසන්ය.

මෙම සීනියා මල් පැළය ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති හරිතාගාරයේය. නැවැතුම්පොළ පෘථිවි කක්ෂය වටා කැරැකෙද්දී, සෙමින් සෙමින් සීනියා මල පිපුණු බව, එයට සාත්තු කළ ඇමෙරිකන් ගගනගාමී ස්කොට් කෙලී පවසයි. මෙය සිදුවූයේ පසුගිය 2016 වසරේ දී, ස්කොට් කෙලී එහි ගත කළ අවස්ථාවේදීය. පොහොට්ටුවේ සිට මල සෙමින් සෙමින් පිපෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද සිය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට කෙලී පියවර ගත්තේය. ‘මෙන්න, අභ්‍යවකාශයේ දී පිපුණු පළමු මල. ඔන්න දැන් අභ්‍යවකාශයේත් ජීවය තියෙනවා’ යැයි කෙලී එම අවස්ථාවේදී ඒ ගැන සටහනක් ද යෙදුවේය.


නාසා ගගනගාමී ස්කොට් කෙලී, සීනියා පැළයට සාත්තු කළේ 2015 වසරේ මාර්තු මාසයේ සිටය. ඒ, ඔහු අභ්‍යවකාශ නැවැතුම්පොළේ වසරක කාලයක් නැවැතීම පැමිණි අවස්ථාවේදීය. අභ්‍යවකාශ නැවැතුම්පොළේ හරිතාගාරයේ සහ පර්යේෂණාගාරයේ කෘත්‍රිමව පැළයක් රෝපණය කිරීම පමණක් නොව, එය ඵලදැරීමට සැලැස්වීම අභියෝගයක් වුවත් ස්කොට් කෙලීට එම අසීරු අභියෝගය ජය ගත්තේය.


ඉදිරියේ දී සඳ තරණයට යළි මිනිසුන් යැවීමටත්, ඉන්පසු අඟහරු මතුපිටට මිනිසුන් යැවීමටත් කටයුතු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා නාසා ආයතනයට දැනුම් දී තිබේ. අභ්‍යවකාශයේ පිපුණු මෙම සීනියා මල, අඟහරු ජය ගැනීමේ මෙහෙයුමේ තවත් පියවරකින් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. අඟහරු චාරිකාවකදී, ගගනගාමීන්ට ආහාර සැපැයීම අසීරු මෙන්ම අභියෝගයක් වනු ඇත. ඊට විසඳුමක් ලෙස අභ්‍යවකාශයේ, අභ්‍යවකාශ යානාවල හරිතාගාර තුළ එළවළු පලතුරු වගා කිරීමට හැකි යැයි නාසා විද්‍යාඥයන් මේ වනවිට ඔප්පු කර අවසන්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

අභ්‍යවකාශයේ පිපුණු මල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 75 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 227 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 561 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site