IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සඳුන්හර මිටින් නොමගෙන

දසුන් ප්‍රේමවංශ පොද්දෙණියගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ මාධුර්යයෙන් ද විජේසුන්දර වෙිරගොඩයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත මෙි ගීමිණ පාලකයන් මෙරට අධ්‍යාපනයට කර ඇති විනාශයේ තරම මොනවට පැහැදිලි කරයි.

 

ඉඩක් කෝ ? තැනක් කෝ ?

දස්ස මිනිහට රටෙි

වාසනා ගුණ සිඳුණු

පිදිය යුත්තන් නොදත්

දස්කම් විස්කම් ඔප්පු කරන්නට

අනුබල අනුහස තල්ලුව ඔිනෑ

දස්කම් විස්කම් ඔප්පු කරන්නට

පන්දම් පාලිය නටන්න ඔිනෑ

(අනේ දෙව්දත් නොදුටු මොක්පුර - 20 පිට)

 

"අනේ දෙව්දත් නොදුටු මොක්පුර " නමැති කාව්‍ය සංග්‍රහයේ කතුවර⁣යෝ ප්‍රවීණ නාට්‍යවෙිදී සුගතපාල ද සිල්වාණෝය.ඔවුහු නාට්‍ය තරමට ම කවි නොලියූහ.එහෙත් ඔහු ලියූ එකම කාව්‍ය කෘතිය අතිශය ජනප්‍රිය විය.අනේ දෙව්දත් නොදුටු මොක්පුර කාව්‍ය සංග්‍රහය කියැවූ පාඨකයෝ එහි රසය දනිති.එදා සුගත් කී පරිදි දක්ෂයාට, උගතාට,බුද්ධිමතාට වත්මන් සමාජයේ ඉඩක් නැත.නිස්සන්, සුදුස්සන් වෙනුවට පුස්සන්, පිස්සන්, ගැත්තන් රජ කරන සමාජයකට ම⁣⁣හෞෂධ පුතුන්ගෙන් වැඩක් නැත.උපාධි සහතිකය ලැමිනේටිං කරගෙන පාරක් ගානේ රැකියා පෝලිම්වල රස්තියාදු වන උපාධිධාරින් ගණන කෙතරම් ද?අද සමාජයේ යෙහෙන් වැජඹෙන්නේ උගතා නොව නූගතාය.මොළ නෙළු එකා දහ දුක විඳිද්දී මොළ සූරකෑ එකා සුරසැප විඳියි.මෙි අර්බුදය අසාහය නාට්‍යවෙිදී සුගතපාල ද සිල්වාණෝ මෙසේ කවියට නගති.

 

මොළ නෙළුෑ එකෙක්

රාක්ක මොළවලින් පුරවා

පොත්ගුලක හිර වී

කාවන් සමඟ සටනක

මොළ ගසා කෑ එකෙක්

සේප්පු කාසිවලින් පුරවා

රිදී යතුරු කැරැල්ල

විල්ලුද කොට්ටය යට සඟවා

නොමැරෙන බෙිත් සොයන සටනක

(අනේ දෙව්දත් නොදුටු මොක්පුර - 17 පිට)

 

මොළ ගසා කන්නන්ගෙන් ගහන කුණුවී ගඳ ගසන සමාජයක⁣ට මොළ නෙළන්නන්ගෙන් වැඩක් නැත.එහෙත් මොළ නෙළන්නන් ද නෙළා ගත් මොළ සිය ප්‍රායෝගික ජීවිතය සාර්ථක කරගැනීම සඳහා නිසි අයුරින් භාවිත කළ යුතු නොවෙිද?මෙරට ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමයේ වරදින් සරසවි උපාධිධාරිහු දැඩි රැකියා අර්බුදයකට මුහුණුපා සිටිති.මෙනයින් රැකියාවට හැකියාව නැති තරුණ උපාධිධාරිහු පිරිසක් විරැකියාවෙන් පීඩනයට පත්වී සිටිති.උපාධිධාරියා සහ රැකියා වෙළෙඳපොළ අතර අවියෝජනීය බැඳීමක් තිබිය යුතුය.එහෙත් එබඳු තත්වයක් තවම උදාවී නැත.මෙරට විශ්වවිද්‍යාලයකින් බිහිවන උපාධිධාරියකුට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා අවකාශ තිබිය යුතුය.තතු එසේ වූව ද රැකියාවට ඇවැසි වෘත්තීය පුහුණුව නොමැති නම් සිවුවසරක් පුරා දහදුක් විඳිමින් ගත්ත උපාධි සහතිකයෙන් කිසිදු පලක් නැත.රැකියාවට සරිලන හැකියාව හෙවත් ශිල්පීය ඥානය නොමැතිකමින් අද උපාධිය බල්ලට ගොස් ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.අද පඳුරකට පයින් ගැසූ විට උපාධිධාරිහු හැට හැත්තෑවක් එළියට පනිති.එහෙත් බොහෝ දෙනකුට නිවැරැදි සිංහලත් ඉංග්‍රීසිත් හරියට ලිවීමට හෝ කතා කිරීමට නොහැකිය.නිර්දිෂ්ට කෘතිවලින් ඔබ්බට කිසිදු දැනුම් සම්භාරයක් ඔවුන්ට නැත.එහෙත් ස්වයං අධ්‍යයනයක නියැළිමින් දැනුමෙන් සන්නද්ධ වූ සමයාන්තර දැනුමක් ඇති ශාස්ත්‍රාලයීය නොවන ( Non Academic ) බුද්ධිමතුන් පිරිසක් ද මෙි අතර සිටිති.ඔවුහු වෘත්තීය නිපුණතා ද දියුණු තියුණු කරගනිමින් උසස් රැකියාවල ද නියැළෙති.වනපොත් කරමින් පොතේ දැනුමට පමණක් සීමා වූ කලා, සමාජ විද්‍යා,හා ජනමාධ්‍ය කේෂත්‍රයේ කූපමණ්ඩුක උපාධිධාරිහු යටකී දක්ෂයන්ට බුද්ධිමතුන්ට බියෙන් ඊර්ෂ්‍යාව,කුහකත්වය,වෛරය වපුරති.නිවැරැදි සිංහලෙන් ව්‍යාකරණානුකූලව වාක්‍යයක් දෙකක් ගළපා ගන්නට බැරි අකෂර වින්‍යාස,වියරණ නොදත් පුහුු බැහැරි උපාධිධාරිහු කිහිපදෙනෙක් ද මෙි අතර සිටිති.යටකී ශිල්පඥානය, භාෂා දැනුම නැති ඔවුහු ගුරු වෘත්තීයට ද රිංගා ටියුෂන් කඩ ඔස්සේ සිසුන් අතරමං කරති.සිංහල භාෂාව හරිහැටි හැසිරවීමට බැරි මෙබඳු නල්ලමලේ උපාධිධාරිහු පත්තර කන්තෝරුවලට ද හේත්තු වී කේළමෙන්,පන්දමෙන් පැවැත්ම තර කරගෙන සිටිති.ඔවුහු වැඩබැරි දාසයෝය.මෙි වූකලි උපාධි සහතිකය දඩමීමා කරගෙන අත්තුක්කංසනයෙන්, පරවම්භනයෙන් පාරම්බාන අමනෝඥයෝ පිරිසක් වෙති.

මෙරට රැකියා අර්බුදයට හේතුභූත වූ කරුණු කාරණා රාශියක් ම ඇත.රැකියා වෙළෙඳපොළත් විශ්වවිද්‍යාලයත් අතර විශාල පරතරයක් තිබෙි.එකී පරතරය නැති කිරීම රජයකට පමණක් තනියම කළ නොහැකිය.එම වගකීමෙන් අඩක් සරසවියට යන විද්‍යාර්ථීයාට ද අැත.විශ්වවිද්‍යාලයෙන් නොලැබෙන වෘත්තීය පුහුණුව බාහිරින් හෝ ලබාගෙන ඉලක්කගත රැකියා වෙළෙඳපොළට ඇවැසි සුදුසුකම් සපුරා ගැනීමට විද්‍යාර්ථීන් ද උත්සාහ කළ යුතුය.මෙරට උපාධිධාරින්ගේ රැකියා ගැටලුවට බහුල වශයෙන් මුහුණ දෙන්නෝ කලා විෂය ධාරාවට අයත් විද්‍යාර්ථීහුය.විද්‍යා විෂය හදාරන සිසුහු පිරිසක් ද මෙි අතර සිටිති.එහෙත් වෛද්‍ය සහ ඉංජිනේරු වැනි පාඨමාලා හදාරන සිසුහු එම ඉලක්ක වෘත්තීය වෙනුවෙන් උගනිති.ඉංග්‍රීසි සහ පරිගණක දැනුම නොමැතිකම ද උපාධිධාරින් මුහුණ දෙන බරපතළ ගැටලුවකි.පවතින අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට කිසිදු ප්‍රයත්නයක් නොගෙන විරැකියාවෙන් පෙළෙන උපාධිධාරිහු රජයට පමණක් බැණඅඬ ගසමින් විරෝධතා පවත්වති.එහෙත් ඉන් කිසිදු පලක් නැත.

වෙනත් රටවල මෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මැන බැලීමේ විභාග ක්‍රමයක් ලංකාවෙි නැත.ඉසෙඩ් අගය ( Z - Score ) යනු දැනුම පෙන්වන මිනුම්දණ්ඩක් නොවෙි.ඉසෙඩ් අගය යනු ලංකාවෙි විශ්වවිද්‍යාල ප්‍රවෙිශය ලබාගැනීමේ මාර්ගයකි.එහෙත් එය උසස් පෙළ සිසුවකුගේ දැනුම උරගා බැලීමේ ක්‍රමවෙිදයක් නොවෙි. උපාධි සහතිකය රැකියාවක් ලබාගැනීමේ එකම සුදුකම ද නොවෙි.එබැවින් වෘත්තීය සුදුසුකම් සපුරා නොගෙන රැකියාවක් අපේක්ෂා කිරීම නුනුවණ ක්‍රියාවකි.උපාධිධාරින්ට පමණක් නොව අනෙක් පුද්ගලයන්ට ද රැකියා ලබාගැනීමට හැකිවන පරිදි මෙරට ආර්ථිකය ප්‍රසාරණය විය යුතුය.ආර්ථික සංවර්ධනයක් නැති රටක උපාධිධාරියා පමණක් නොව කම්කරුවා ද රැකියා පෝලිම්වලය.මෙි ගීතයට විෂය වන්නේ යටකී විරැකියා අර්බුදය යි.

 

සඳුන්හර මිටින් නොමගෙන ඉපිද මෙි බිමෙි

මහෞෂධ පුතුන් තැන තැන රැඳෙන පෝලිමෙි

ශිල්ප සතර දැන පිරිසිඳ කටුක ජීවිතේ

සහතිකේ සෙවිලි කරගෙන කිමද මාවතේ

 

සඳුන් ගැටයක් මිට මොලවගෙන උපන්නෝ මහෞෂධ පණ්ඩිතයෝය.උම්මග්ග ජාතකයේ කර්තෘ අඥාතය.එහෙත් එම ප්‍රබන්ධය කෙතරම් නිර්මාණශීලී ද? පණ්ඩිතයෝ උපතින් ම දැනුම,බුද්ධිය රැගෙන විත් සඳුන් සුවඳ මෙන් එය දසත පතුරවති.එහෙත් සරසවි අධ්‍යාපනය ලැබූ උපාධිධාරී තරුණ තරුණයන් මෙි උගත්කම ලබා ගත්තේ දුෂ්කර ගමනකින් පසුවය.ඔවුහු පීඩිත පන්තියේ මවුපියන්ගේ දරුවෝය.කටුක ජීවිතේ විඳිමින් අසීරුවෙන් ලබාගත් උපාධියට අද තැනක් නැත.ඔවුහු උපාධි සහතිකය ලැමිනේටිං කරගෙන මහපාරේ රැකියා සොයමින් රස්තියාදු වෙති.මෙහිදී රචකයා "සහතිකේ සෙවිලි කරගෙන" යන්නෙන් අදහස් කරන්නේ අමාරුවෙන් ගත් උපාධි සහතිකය ආරක්ෂා කිරීමට දරන ප්‍රයත්නය පිළිබඳ නොවෙිද?පීඩිත පන්තියට ජීවිත සටන ජයගැනීමට ඇති එකම ආයුධය අධ්‍යාපනය යි.උපාධි සහතිකය වනාහි එහි අග්‍රඵලය නොවෙිද?ජාතික ප්‍රතිපත්තියක් නැති මෙරට අධ්‍යාපනයේ විපරිත බව පෙන්වීමට මීටත් වඩා කාව්‍යෝක්ති ඇවැසි ද?

 

දිරිය මාපියන් හිස මල් පිපුණු හීනයේ

සුපුන් සඳ වසා නෙක තරු රැසකි පීදුණේ

දිනැති නොවිය තුන්ඉසුරින් රැගෙන දේශයේ

නැණැති පුතුන් වල්වැදුණා සුභාෂිත පොතේ

 

තම දරුවා අධ්‍යාපනයේ හිණිපෙත්තට යන සිහිනය සෑම මවුපියවරු ම දකිති.එහෙත් ඒ සිහිනය සැබෑ වන්නේ කීයෙන් කීදෙනාගේද? මෙි වූකලි ⁣ධෛර්යවන්ත ,උත්සාහවන්ත මවුපියන්ගේ හිසේ මලක් පිපුණු දවසකි.තම දරුවා උපාධි සහතිකය සුරත දරාගෙන එනතුරු මවුපියෝ නොඉවසිල්ලෙන් සිටිති.එහෙත් පෙරුම්පුරා ලබාගත් උපාධි සහතිකයෙන් දරුවන්ට සෙතක් වී නැති බවත් රචකයා කියයි.⁣අවසානයේ දී සිදුවූයේ කුමක්ද? මෙි නැණැවත් දූ පුතුන්ට සිදුවූයේ සුභාෂිතය වැනි උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්ථයක වල්වැදීමට නොවෙිද? සුභාෂිතය වනාහි රාජසිංහ රජු සමයේ ලියැවුණු විශිෂ්ට කාව්‍ය කෘතියකි.එහි කතුවරයෝ අලගියවන්න මුකවැටිතුමෝය.මෙි වූකලි පොදුජන ජීවිතයේ සෑම අංශයක් කෙරෙහි ම බලපාන ප්‍රබල දෘෂ්ටාන්ත හා උපමා ග්‍රන්ථයකි.සත්පුරුෂ ඇසුර,රජ්‍ය පාලනය,මහත්මා ගතිපැවතුම්,පරාර්ථචර්යාව ආදී පොදුජන සුබ සිද්ධියට අදාළ උපදේශ රාශියක් මෙහි ගැබ්වී ඇත.රචකයාට අනුව උගත්කම රජවී ඇත්තේ සුභාෂිතය වැනි පතපොතේ පමණි.

 

සාර රන් කරල් සරසවි කෙතේ යටවුණේ

රාජ අනුහසින් බොල් අස්වනුය ගොඩවුණේ

නියංසාය ගම් වදිනා චණ්ඩ මාරුතේ

කලට වහින්නට නැතිදෝ කඳුළු ආකහේ

 

සාර රන්කරල් යනු මෙි විද්‍යාර්ථීන්ගේ තරුණ ජීවිතය යි.මෙකී අරුණෝදය බඳු තාරුණ්‍යය සිවුවසරක් පුරා සරසවිය නමැති කුඹුරට ඔවුහු දියකර හැරියහ.එහෙත් එයින් බිහිවුණු අස්වනු බොල්ය.මෙි බොල් අස්වනු බිහිකිරීමට ආශිර්වාද කළෝ කවරහුද? ඒ වෙන කවුරුවත් නොව මෙි නිසරු අධ්‍යාපන ක්‍රමවෙිදය දිගටම කරපින්නා ගෙන යන රාජ්‍යතන්ත්‍රය යි.⁣නෙළා ගත් අස්වැන්න බොල්වී අහුරු ලෙස සුළඟට මුසුවී නම් කුමක් කරන්නද?නියඟයෙන් දැවෙන ගමට සැඩ මාරුතයක් පැමිණිය ද නිසි කලට වැසි නොවැටෙි නම් කුමන පලක් ද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් දෝ ඒ අමාරුව?

වත්මන් උපාධිධාරියාට අත්වී ඇති ඉරණම දැකීමෙන් දසුන් ප්‍රේමවංශ කවියාගේ හද දැවෙයි.සිත සෝබර වෙයි.

කලාකරුවෝ මිනිස් ජීවිතයට,පරහට සිටින පිළිමලුන් කවුරුන් දැයි සෙවීමට තැත් කරති.එහෙත් ගීතය නමැති අතිසීමිත කේෂත්‍රයේ දී එබඳු දෙයක් කිරීම උගහටය. මෙි රචකයා ප්‍රශ්නයට පිළියම් සෙවීමට ද යත්න දරයි.ගේය පද රචකයා දුහුනකු වූව ද මෙි අපූරු පැදි පෙළෙන් ප්‍රවීණත්වයක්, විශිෂ්ටත්වයක් සුවිශද කරයි.ධ්වනිතාර්ථපූර්ණ යෙදුම්, ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ වචන ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.ලංකාවෙි විරැකියා අර්බුදය නොවිසිදෙන ගැටලුවකි.එහෙත් සැබෑ උපාධිධාරියා උත්කර්ෂට නංවමින් රචකයා උත්සාහ දරන්නේ එම අර්බුදයේ එක් පැතිකඩක් පෙන්වීමටය.ඔහුගේ ව්‍යායාමය සාර්ථක වී ඇතැයි සිතේ.

 



අදහස් (1)

සඳුන්හර මිටින් නොමගෙන

රනේ Friday, 05 May 2023 06:57 AM

රණසිංහ මහතානෙනි ඔබට ස්තූතියි!

:       2       3

ඔබේ අදහස් එවන්න

ගී විනිස

ගඟක් සනහා මලක් පිපුණා...
2023 සැප්තැම්බර් මස 21 629 0

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.


කොහේ හෝ ඇති ප්‍රේමයක්..
2023 සැප්තැම්බර් මස 01 711 0

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
2023 අගෝස්තු මස 14 611 3

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත


එගොඩහ යන්නෝ
2023 අගෝස්තු මස 07 624 0

ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් ⁣පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය


ඩිංගිරාල නුඹලා වන දෙයියෝය
2023 ජුලි මස 31 633 0

වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම


කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
2023 ජුලි මස 25 331 1

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site