IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


84 ටියුෂන් මාස්ටර් 18 ගෝලයාට අතවර කරලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


විශ්‍රාමික ඩිපෝ කළමණාකරුවකු විසින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියකට සහභාගි වූ 18 අට හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කළ  උපකාරක පන්ති ගුරුවරයකු   අද (1)  අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ  පදිංචි  අසූ හතර හැවිරිදි  විශ්‍රාමික ඩිපෝ හා වතු අධිකාරීවරයෙකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා වසර හතළිහක පමණ සිට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව උගන්වා ඇති අතර  කහතුඩුව ප්‍රදේශය පදිංචි 18 හැවිරිදි සිසුවා ද ගුරුවරයාගේ නිවසේ පවත්වාගෙන යන මෙම උපකාරක පන්තියට සහභාගි වී ඇතැයි පැවැසේ .
 
මීට පෙර අවස්ථා දෙකකදී ද  සිසුවාවට අතවර කර ඇති  අතර  සිසුවා විසින් රහසිගතව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයිද පොලීසිය කියයි .

ඒ අනුව  පොලිසියට පැමිණි සිසුවා  සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් සිදු  කිරීමෙන් .පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ගුරුවරයාගේ නිවසට ගොස් සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන තිබූ බව කියයි.

ඩිපෝ හා වතු අධිකාරී වරයෙකු වශයෙන් සේවය කළ සැකකරු දිවයිනේ සුප්‍රසිද්ධ පුද්ගලයින්ට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ අයෙකු බව ද  පැවසේ . අත්අඩංගුවට ගත් සැකකරු (01)කැස්බෑව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

84 ටියුෂන් මාස්ටර් 18 ගෝලයාට අතවර කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site