IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බිදී ගිය දූව බැම්ම අමුණ ගොවීහූ පිළිසකර කරති

ජුඩ් සමන්ත

ගංවතුර හේතුවෙන් බිදී ගිය නාත්තන්ඩිය - යක්දෙස්සාවේ පිහිටි “දූව බැම්ම” අමුණ තාවකාලිකව නැවත ඉදිකිරීමට ප්‍රදේශයේ ගොවීන් කටයුතු කර අැත.

පුත්තලම - කුරුණෑගල දිස්ත්‍රික්ක දෙක වෙන් කරන මායිමේ පිහිටි දූව බැම්ම අමුණ භාවිතා කරමින් යක්දෙස්සාව ඇතුළු අවට ගම්මාන කීපය කුඹුරු අක්කර 800 ක් පමණ වගා කරති. පසුගිය දිනවල ඇතිවූ ගංවතුර හේතුවෙන් දූව බැම්ම අමුණ බිදී ෙගාස් අැත.

අමුණ බිදී යාමත් සමඟ යක්දෙස්සාව ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යටවී තිබූ අතර බිදී ගිය දූව බැම්ම අමුණ කඩිනමින් ප්‍රතිසංස්කරණ කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම ආපදා කළමණාකරන අමාත්‍යවරයාගෙන්ද පසුගිය දිනවල ඉල්ලීම් කළේය.

රජයේ මුදල් ප්‍රතිපාදන වෙන් වී අමුණ ප්‍රතිසංස්කරණය කරන තුරු බලා සිටීමෙන් සිදු වන්නේ එකතුවී ඇති ජලය අපතේ යාම පමණක් වන බැවින් බිදී ගිය බැම්ම තාවකාලිකව පිළිසකර කිරීමට තමන් අදහස් කළ බව ගොවීන් කියා සිටියේය.ඒ අනුව අමුණ බිදී ගිය ස්ථානයට තාවකාලික වැටක් යොදා වැලි කොට්ට යෙදීම පසුගිය දිනවල ගොවීන් විසින් සිදු කරන ලදි.

 

 



අදහස් (0)

බිදී ගිය දූව බැම්ම අමුණ ගොවීහූ පිළිසකර කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site