
(සජීවා කෝට්ටගොඩ )
වැසි සහිතව හමාගිය තද සුළං හේතුවෙන් මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් දෙකක නිවාස හා ව්‍යාපාරික ස්ථාන රැසකට දැඩි ලෙස අලාභානි සිදුව තිබේ .
ගස් කඩා වැටීම් හා නිවාස හානි සිදුව ඇත්තේ මැදගම හා ගලඅඹගස්වැව යනග්‍රාම නිලධාරී වසම් වලය.
මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 18ක් හා ව්‍යාපාරික ස්ථාන පහක පුද්ගලයින් අසූ දෙනකු පමණ පීඩාවට පත්ව සිටිති.මාර්ග දෙපස ගස් කඩා වැටීම් හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට අලාභහානි සිදුව තිබෙන බවත් වැව් ආශ්‍රිතව විශාල ගස් ඉදිරි කඩා වැටීඇති බවත් මහව ආපදා සහන නිලධාරී සුගත් රත්නායක මහතා පැවසීය.
ඇතිවූ සුළං හේතුවෙන් නිවාසවල වහලගැලවී ගොස් තිබේ.
ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා සමඟ 225 ග්‍රාම නිලධාරීසුමිත් බණ්ඩාර මහතාහා 226 ගලඅඹගස්වැවග්‍රාම නිලධාරී දිහාන් පුෂ්පකුමාරයන අය හානියට පත් නිවාස පරික්ෂා කිරීම සඳහා එක්ව සිටියහ.
පුද්ගල හානි වාර්තා නොවූවද දේපල හානි සිදුව ඇතැයි මහව ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා පැවසීය .හානියට පත් නිවාස ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම්තුමා වැඩිදුරටත් කියා සිටියේය .
සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විට තක්සේරු කරමින් සිටී .




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.