( ප්‍රසන්න පත්මසිරි)
බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ පවුල් 254ක් ජීවත්වන ගම්මාන දෙකක් අද(20 ) දවල් සිට හුදකළා ප්‍රදේශ බවට පත්කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මැදගම ඉලුක්කුඹුර ග්‍රාම නිළධාරී වසමේ නිල්වලාගොඩ ගම්මානය හා 110, ඩී මැදගම මීගහවගුර ගම්මානය හුදකළා බවට පත්කර තිබේ.
මෙම ගම්මාන වලින් අහඹු ලෙස පුද්ගලයින් 73 දෙනෙකුට රැපිටි ඇන්ටිජන් පරික්ෂණය සිදුකිරීමෙන් පසු එයින් 56 දෙනෙකුට කොරෝනා
රෝගය වැළදී ඇති බවට තහවුරුවීමත් සමග ගම්මාන දෙක හුදකළා කර තිබේ.
රෝගය වැළදුන රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා යොමුකර ගම්මානයේ ජනතාවට පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
්
COMMENTS
පළාත් අතර සංචරණ සීමා දාලා වැඩක් තියෙනවද? මැදගමින් මොනරාගල දිස්ත්‍රික්කයට පහසුවෙන් බෝවෙන්න පුළුවන්....