
(පියදාස සමරවීර)
පොහොර ගැටලුවට සාර්ථකව විසදුමක් ලබාදෙනතුරැ වගා කටයුතුවලින් ඉවත්වීමට පදවිය මහ ගොවිජනපදයේ ව්‍යාපාර කමිටුව අද (14) ඒකමතිකව තීරණය කළේය.
පදවිය නේවාසික ව්‍යාපාර කළමනාකර එන්. වසන්ත මහතාගේ මූලිකත්වයෙන් පැවැති ව්‍යාපාර කමිටු රැස්වීමේදී මෙම තීරණය ගැණින. එම රැස්වීම ව්‍යාපර අධිකාරී කාර්යාලයේදී පැවැත්විණි.
එළැඹෙන 25 දා පදවිය ජලාශයෙන් කුඹුරැවලට ජලය නිකුත් කිරීමට නියමිතව තිබුණද එය බල රහිත කරමින් පොහොර ගැටලුවට සාර්ථක විසදුමක් ලබාදෙනතුරැ වගා කටයුතුවලින් ඉවත්වීමට තීරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියන් වවන්නේ නැත්නම් නිලධාරීන්ට පිනට පඩි ගෙවන්නත් එපා .රටේ ජනතාවගේ මුදල් නාස්ති කිරීමක් .නිලධාරීන් ගොවියන් කුපිත කරනවා .ආණ්ඩුව අන්දනවා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා .