(නිමල් ජයරත්න )
පොළොන්නරුව ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් ප්‍රමිතියෙන් යුතු පොහොර සහ සහනාධාරය ලබා දෙන ලෙසට පවසා අද (12) දහවල් ඉකිරි වැව වෙල් යායට බැස උද්ඝෝෂණයක නිරතවූහ.
ඇලහැර ගොවිජන එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයේදී ගොවීන් ඉල්ලා සිටියේ තම
එළවළු වගාවන්ට කඩිනමින් පොහොර ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.
චීනය ඇතුළු අනෙකුත් රටවල්වලින් ගෙන්වන පොහොර කිසිදු විශ්වාසයක් තැබීමට නොහැකි බවත් එම පොහොරවලින් තමන් වගා කරන එළවළු වලටත්, පසටත් විශාල විශාල හානියක් විය හැකි බැවින් දේශීය කාබනික පොහොරවලට ගොවීන් හුරුවන තුරු වගාකරන සියලු බෝග සඳහා රසායනික පොහොර මෙවර මහ කන්නයට හෝ ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස එම ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
මෙහිදි ගොවින් දෙදෙනෙක් මී ගවයින්ගේ චරිතවලට පණ පොවමින් සීසෑමට කටයුතු කළහ. මෙම අවස්ථාවට ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි ගෙවිලියන්,රැසක් එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීහු කුඹුරට බැස උද්ඝෝෂණයේ