IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


දකුණේ තෝරාගත් පාසල් 10ක සිසුන්ට කිරි වීදුරුවක්

 (ජේ.කේ.එල් චාමින්ද)
 
දකුණු පළාතේ  තොරාගත් පාසල් 10ක දරුවන්1500ක් සදහා දියර කිරි විදුරුවක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේ  සිසු දරුවන් 150ක් පමණ සිටින ඉතා දුෂ්කර පාසල් 10ක් මෙම නියමු ව්‍යාපෘතිය සඳහා තොරාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 5ක් මාතර දිස්ත්‍රික්කයේ පාසල් 4ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් පාසලක් මේ සඳහා තොරාගෙන ඇත.
 
පාසල් දරුවන් අතර දියරි කිරි පාරිභෝජනය ජනප්‍රිය කරවීම හා දැනුවත් කිරීම,  දෙමව්පියන්ගේ  හා  ගුරුවරුන්ගේ අවධානය ලබා ගැනීම මෙන්ම කිරිගොවියා ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේඛ පළාත් අධ්‍යක්ෂක  වෛද්‍ය කේ. සුනිල් මහතා පවසයි.
 
අදාළ පාසල්වල ආසන්නයේ සිටින කිරි ගොවින්ගෙන් දියර කිරි ලබාගෙන එම කිරි පරීක්ෂා කර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ අධීක්ෂණය යටතේ දියර කිරි පාසල් දරුවන්ට ලබාදෙන බවද,  වෛද්‍ය කේ. සුනිල් මහතා පවසයි.

එක් පාසල් දරුවෙකුට දිනකට දියර කිරි මිලිලීටර් 150ක කිරි විදුරුවක් ලබාදෙන අතර කිරි ගොවීන්  සඳහා දියර කිරි ලීටරයකට රුපියල් 125ක මුදලක් එම දෙපාර්තමේන්තුව ලබා දෙයි.

මැයි මාසයේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ලබන වර්ෂයේ සිටි මේ සහා වෙන්කරන ප්‍රතිපාදන වැඩිකිරීමට ද සැලසුම්කර ඇති බවද හෙතෙම පවසයි.



අදහස් (0)

දකුණේ තෝරාගත් පාසල් 10ක සිසුන්ට කිරි වීදුරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site