(මොහොමඩ් ආසික්)
විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බව අගවමින් හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලබාගැනීමට ඇති බව පවසා මුදල් සහ රන් භාණ්ඩ වංචා කිරීමේ ජාවාරමක් කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක බව කටුගස්තොට පොලීසිය කියයි.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට මෙවන් සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බවත් වෙනත් පොලිස් බල ප්‍රදේශවලත් මෙවන් වංචා සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි
මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් මෙවන් පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් ඉල්ලා සිටින පොලිසිය මෙවන් පුද්ගලයන් නිවසට පැමිණියහොත් වහාම පොලීසිය වෙත දන්වන ලෙසද ඉල්ලා සිටී.
රජයේ විශ්‍රාම වැටුප් හෝ වැන්දඹු විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස් හඳුනා ගෙන මොවුහු එවන් නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බවත් රුපියල් ලක්ෂ හතරක පමණ හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලැබී ඇති බවත් එය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් පුරවා ගැනීමට පැමිණි බවත් පවසති.
මින් සතුටට පත් අදාළ කාන්තාවන් ඉල්ලුම්පත් පිරවීමට අවශ්‍ය සහාය ලබා දෙන අතර මෙම මුදල ලබා ගැනීම සඳහා ඇපයක් වශයෙන් මුදල් හෝ රන් භාණ්ඩ තැන්පත් කළ යුතු බවත් ඒ සදහා නිවසේ මුදල් හෝ යම් රන් භාණ්ඩයක් ඇත්නම් එය ලබාදෙන ලෙසත් මෙම වංචාකරුවෝ ඉල්ලා සිටිති.
එය හිඟ වැටුප් මුදල් ලබා ගන්නා අවස්ථාවේ නැවත ලබා දෙන බවද ඔවුහු පවසති.
තමන්ට ලැබීමට නියමිත මුදල ගැන කල්පනා කරන වයෝවෘද්ධ කාන්තාවන් දෙවරක් නොසිතා නිවසේ තිබෙන රන් ආභරණ ඔවුන්ට ලබාදෙන බවත් ඒ අනුව එම රන් ආභරණ හෝ මුදල් ලබා ගන්නා මෙම වංචාකරුවන් මෙම කාන්තාවන්ට බැංකුවට පැමිණෙන ලෙස දන්වා එම ස්ථානයෙන් ක්ෂණිකව ඉවත්ව යන බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙදරටම ඇවිත් රන්භාණ්ඩ කොල්ලකන ජාවාරමක් කටුගස්තොටින්