(ක.ග.කරුණාරත්න)
අරලගංවිල නගරයේ වෙළඳ සංකීර්ණයක අද (26) රාත්‍රී 8.45 ට පමණ ගින්නක් හටගෙන ඇති බව අරලගංවිල පොලිසිය පැවසීය.
විදුලිය උපකරණ අලෙවිකරන වෙළඳසැලක මෙම ගින්න මුලින්ම හටගෙන ඇති බව පොලිසිය කීය.
පොලීසිය සහ මහජනතාව එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කරන බවත් පොලොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එම ස්ථානයට ලඟාවෙමින් සිටින බවත් පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.