බිඟුන් මේනක ගමගේ
රටේ පළමු පුරවැසියා වීමට මතුයම් දිනෙක තමාට වාසනාව ලැබුණහොත් තමා ප්‍රථමයෙන්ම කරන්නේ පෙර පාසල් ගුරුවරුන්ට මාසික වේතනයක් ලබාදීම යැයි එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා වැවිලි කර්මාන්ත ඇමැති නවීන්ද දිසානායක මහතා පවසයි.
නිදහස ලබා වසර හැටකට වඩා ගතව ඇතත් පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කටයුතු නොකිරීම පුදුමයට කරුණක් යැයි කී හෙතෙම ජපානයේ පෙර පාසල් ක්‍රමය මෙරටටද හඳුන්වාදීමට රජය පියවර ගත යුතු යැයි ද කීවේය.
පෙර පාසල් ගුරුවරුන් කෙරෙහි රජය මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි අවධාරණය කළ හෙතෙම රටට වැඩදායී පුරවැසියකු බිහිකිරීමේ හොඳම ආරම්භය ගතහැක්කේ පෙර පාසලෙන් යැයි ද කීය.
පෙර පාසල් ගුරවරුන්ට මාසික වේතනයක් නිසියාකාරව ලබාදීම ගැන රජයේ අවධානය යොමුකිරීමට තමා මැදිහත්වන්නේ යැයි ද ඇමැති දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ඕක කරන්න විෂය බාර ඇමති උනාම හොඳටෝම ඇති.
ඇමතිතුමනි රට සංවර්ධනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව එක එක සිතුවිලි අනුව රටක් හදන්න බැහැ. ඒ නිසා පළමුව රටේ සංවර්ධනයට සියලු පක්ෂ එකතුකර ජාතික ප්‍රතිපත්තියක් හදන්න. ග්‍රාම නිළධාරි වසමකට එක් ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් ලෙස පත්කර ඔවුනගෙන් කෙනෙක් සභාපති ලෙසත් කෙනෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලෙසටත් පත්කරන ක්‍රමයක් හදන්න. එවිට විශාල ධන නාස්තියක් වෙන පළාත් සභාත් නැතිව රට හදන්න පුලුවන් වේවි. ගමට මන්ත්‍රී කෙනෙක් සිටින නිසා ගැටලුත් නැතිවේවි. රටත් හැදේවි.