IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි

(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)

ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී,මන්ත්‍රිනීන් කළු පටි පැලද පා පැදිවලින් අද (17 ) මාසික සභා රැස්වීමට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී පාලක පක්ෂයේ උප සභාපති ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූහ.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවර මාසික සභා රැස්වීමට කළු පටි පැළද පා පැදිවලින් පැමිණ සභාව ඉදිරිපිටට පැමිණ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පා උද්ඝෝෂනයේ යෙදී සිටියහ.

ඉන් අනතුරුව ඔවුහු මාසික සභා රැස්වීමට සහභාගිවීමට යාමේදී මග රැදී සිටි පාලක පක්ෂයේ උප සභාපති නිමල් බන්දු මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ කතා බහක් දුර දිග යාමෙන් අනතුරුව් ඔවුන් දෙපිරිස අතර දැඩි උණුසම් කතා බහක් ඇතිවූහ.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධව රජයට චෝදනා කරමින් සභා ගර්භයට පැමිණෙමින් සිටියදී ඊට විරෝධය පාමින් උපහාසාත්මක ලෙස  උප සභාපති නිමල් බන්දු මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කිරීමත් සමගම ඔවුන් දෙපිරිස ඇතර මේ උණුසුම් තත්ත්වය ඇති වූහ.



අදහස් (0)

කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site