IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කුසලතා වර්ධනයට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ව්‍යාපෘතියක්

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතිය නංවාලීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරන බව බ්‍රිතාන්‍ය කවුන්සිලය නිවේදනය කරයි.
 

උසස් අධ්‍යාපනය සහ පෞද්ගලික අංශයේ රැකියාවලදී වැඩි වශයෙන්ම භාවිත වන මාධ්‍යය වන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සඳහා සිසු සිසුවියන්ට ඇති අවස්ථා පුළුල් කරමින්, එම අධ්‍යාපනයේ තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය යැයි ද බ්‍රිතාන්‍ය කවුන්සිලය සඳහන් කරයි.
 
ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා ගුරු අධ්‍යාපන ව්‍යාපෘතිය ( The Teacher Education for English Project (TEE) ) යනුවෙන් මෙම ව්‍යාපෘතිය නම් කර තිබේ. ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සහ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය කවුන්සිලය දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය  (Teacher Education in Sri Lanka ) සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක වන බ්‍රිතාන්‍ය කවුන්සිලය පවසයි. 
 
ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේදී මහනුවර, කළුතර සහ යාපනය ප්‍රදේශවල පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල පුහුණුව ලබන ගුරුවරුන් 1,000 කට ආසන්න පිරිසකට පුහුණුව ලබාදීමට නියමිත ය. 
 
මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුහුණුකරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබෙන අතර කොළඹදී ව්‍යාපෘතිය පිළිබඳව මූලික කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 4 ක් වෙත යොමුකරවන ලද බවත්  පෙබරවාරි මස දෙවැනි සතියේදී ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වූ බවත් බ්‍රිතාන්‍ය කවුන්සිලය සඳහන් කරයි.  
 
ඉහත විද්‍යාපීඨ වල සාමාන්‍ය විෂය මාලාවලට අමතරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම පුහුණුකරුවන් කටයුතු කරන බව ද බ්‍රිතාන්‍ය කවුන්සිලය සඳහන් කරයි.  



අදහස් (0)

ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කුසලතා වර්ධනයට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site