IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුජාපිටියේ ආදාහන ගාස්තු වැඩිකරයි

(මොහොමඩ්  ආසික්)

ගෑස් මිළ ඉහළ යාම  හේතුවෙන් මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන  ගාස්තුව  රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රා දේශිය සභාව  අද (12 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය.

පූජාපිටිය නගරයේ පිහිටි  ප්‍රධාන රැස්වීම් ශාලාවේදී  එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ  ප්‍රධානත්වයෙන් අද( 12) පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී  හදිසි යෝජනාවක් වශයෙන් සභාපති අනුර ප්‍රනාන්දු මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත  දේහයන් ආදාහය කිරිම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වී ඇති බැවින් ආදාහන ගාස්තු රුපියල් 1500 කින් ඉහළ නැංවීමට යෝජනා කරන බවයි.

 ඒ අනුව බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ ආදාහනයකදී දැනට අය කරනු ලබන රුපියල් 7,000 ක මුදල රුපියල් 8500 දක්වාත්, බල ප්‍රදේශයෙන් පිට පදිංචි පුද්ගලයින්ගෙන් අය කරනු ලබන රුපියල්  8,000 ක ගාස්තුව රුපියල් 9,500 දක්වාද වැඩි කරන බවත් ආදාහනාගාරය පිහිටි වසමේ පදිංචි කරුවන්ගෙන් අය කරනු ලබන රුපියල් 5,500 ක ගාස්තුව රුපියල් 7,000 දක්වාද ඉහළ නැංවිමට යෝජනා කරන බව කීය.

කෙසේ නමුත් මෙම   ආදාහන ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක කරනු ලබන්නේ 2022 ජනවාරි මාසයේ පළමු වනදා සිට බවත්  ඉදිරියේදි ගෑස් මිළ අඩුවුවහොත් ආදාහන ගාස්තුද අඩු කිරීමට පියවර ගන්නා බවත් කීය.සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරුනු ලැබූ මෙම යෝජනාව සභාවේ ඒකමතිකව සම්මත විය.

 



අදහස් (0)

පුජාපිටියේ ආදාහන ගාස්තු වැඩිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site