IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි

(හලාවත  ඔගස්ටින් ප්‍රනාන්දු)

2021 වසර සදහා හලාවත නගර සභාව විසින්  අද ( 27)  ඉදිරිපත්කරණ ලද අයවැය යෝජනා දෙවෙනි වරටත් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාගේ ( එජාප) ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර ඔහු විසින් එම අයවැය යෝජනා සභාව හමුවට ඉදිරිපත් කරන ලදී.

පසුව ඒ සදහා ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව පාලක එජාප මන්ත්‍රිවරුන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ මන්ත්‍රි ඩබ්ලිව්.රීගන් ප්‍රනාන්දු මහතා සභාවට මෙදින ද පැමිණ සිටියේ නැත.

විපක්ෂය නියෝජනය කරන  ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් 6 දෙනා සහ ශ්‍රීලපොප නියෝජනය කරන මන්ත්‍රිවරුන් 6 දෙනාත් අයවැයට විරුද්ධව ඡන්දය පල කළ අතර ජවිපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන කිංස්ලි ආනන්ද වික්‍රමසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
 
මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ඩබ්ලිව්. ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු මහතා (ශ්‍රීලපොප) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්ෂිතව සභාව වෙත කැඳවා ගෙන පැමිණ තිබිම විශේෂ සිද්ධියක් විය.

මෙම අය වැය යෝජනා මුල්වරට පසුගිය 13 දා පැවැති රැස්වීමේ දි ද වැඩි ඡන්ද 13ක් ලබා පරාජයට පත් විය. එදින ජවිප මන්ත්‍රිවරයා විරුද්ධව ඡන්දය පල කර සිටියේය.



අදහස් (0)

හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 706 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2374 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site