(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල නගරයට ඉහළ රජයේ ෆයිනස් කැලෑවේ අද (16) හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
අද අලුයම අලුයම 1.00 පමණ සිට ගින්න පැතිර ගිය බවත් මේ වන විට අක්කර පහකට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

ෆයිනස් වගා භූමියේ බිමට වැටී ඇති වියළි කොළ තට්ටුව ගින්නට ගොදුරුව විශාල ගිනි දැල් ඉහළ යන අයුරු දක්නට ලැබෙන බවද ප්‍රදේශවාසීහු පවසති.
ෆයිනස් කැළෑවට මායිම්ව පිහිටි නිවාස වලට මෙම ගින්නෙන් අනතුරුදායක තත්වයක් මතු වී තිබේ.
හල්දුම්මුල්ල බීට්ටු වන නිලධාරිහු හා පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.