IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොර වීසා පෙන්වා රට පනින්න හැදූ 3ක් දැලේ

(ටී.කේ.ජී.කපිල)

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලියට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අද(08)කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මොවුහු යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෝය. එක් අයෙක් මුල්ලියවලායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි. අනෙක් තරුණයා වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි. මොවුන් දෙදෙනා කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමේ අදහසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. අනෙක් පුද්ගලයා යාපනය නගරයේ ම පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහු කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස්, එතැනින් එංගලන්තයේ ලන්ඩන් වෙත පැමිණ, එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැන යාමට සැළසුම් කර තිබුණි.

මෙම තිදෙනා තම ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සදහා කටාර් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ දී , ඔවුන් සතුව තිබූ වීසා බලපත්‍ර පිළිබඳව සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන්,  කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.

එහිදී ඔවුන් අතරින් තරුණිය සහ වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි තරුණයා ඉදිරිපත් කළ වීසා බලපත්‍ර , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ඒවා බවට තාක්ෂණික පරීක්ෂණවලින් දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීහු තහවුරු කර ගත්හ.

එමෙන්ම යාපනය නගරයේ පදිංචි 27 හැවිරිදි තරුණයා ඉදිරිපත් කළ, බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කළ වීසා බලපත්‍රය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් අවලංගු කරන ලද එකක් බවට නිලධාරීහු අනාවරණය කරගත්හ.

එම තිදෙනා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.



අදහස් (0)

හොර වීසා පෙන්වා රට පනින්න හැදූ 3ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site