IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හොරොව්පොතාන ප්‍රා. සභාපතිගේ නිල රථයට පහර දෙයි

 


(පැතුම් දර්ශන)

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී සභාපතිවරයාට අයත් නිල රථය ඇතුළු සභාවේ කාර්යයන් සඳහා යොදාගත් තවත් කැබ් රථයකට ද අලාභානි සිදු කර පලා ගිය පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට අයත් මරදන්කඩවල, නීල හරිත උද්‍යානයෙ පිහිටි නේවාසික පහසුකම් සපයන ස්ථානයකදී ඊයෙ(26) රාත්‍රී 10.30 ට පමණ මෙම පහර දීම සිදුකර ඇති අතර පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ හොරොව්පොතාන මරදන් කඩවල ඡන්ද කොට්ඨාශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. පහරදීමෙන් කැබ් රථ වල ඉදිරිපස සහ පැති කණ්නාඩි වලට ද බරපතළ හානි සිදු ව තිබේ.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ 2021 වර්ෂය සඳහා වන අයවැය පැවැති සභා රැස්වීමට සභාපතිවරයා විසින් ඉදිරිපත් කර අද (27) උදෑසන 10.00 දක්වා රැස්වීම අඩාළව කල් තැබිණි.

ඒ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම්වරයා පසුදා උදෑසන සභා රැස්වීමට සහභාගී වීම සඳහා නීලහරිත උද්‍යානයේ පිහිටි කාමරයක නවාතැන්ගෙන සිට ඇති බව පොලීසිය කියයි.

පසුව ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතා සහ පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයාද සභාපතිවරයාගෙ නිල රථයෙන් සභා ලේකම්වරයා මුණ ගැසීමට නීලහරිත උද්‍යානයට ගොස් තිබේ.

පොලිසිය පවසන්නේ ඒ මොහොතේ බාහිරින් පැමිණි කිසියම් පිරිසක් මෙම පාර දීම සිදුකර ඇති බව ය.

පහරකෑමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඒ මොහොතේම හොරොව්පොතාන රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගෙ තත්ත්වය බරපතළ නොවූ නිසා ප්‍රතිකාර ලැබීමෙන් පසු අද (27) උදෑසන පිටව ගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයාගෙන්, ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් සහ රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශන සටහන් කරගෙන ඇති පොලිසිය අලාභ හානියට ලක්වු කැබ් රථ දෙක ද සිය බාරයට ගෙන තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජයරත්න මහතාගේ උපදෙස් මත පොලීසිය විසින් ඉදිරි පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

හොරොව්පොතාන ප්‍රා. සභාපතිගේ නිල රථයට පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site