
(පාලිත ආරියවංශ)
මහියංගනය පූජා නගරය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 720 ක් සමඟ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පැවසීය.
මහියංගනය පූජා නගරයේ නිවාස දෙකක තිබී මෙම හෙරොයින් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 20 ක්ද , එම පුද්ගලයාගේ බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 ක් , දියණිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 3 යි මිලි ග්‍රෑම් 700 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරු හා සැකකාරියන් දෙදෙනා හෙට (27) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.