
(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනාරච්චි)
අම්පාර ගල්මඩුව හන්දිය අසලදී අම්පාර දිස්ත්‍රික් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
දිස්ත්‍රික් දූෂණ මර්ධන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර තිබේ.
සැකකරුවන් දෙදෙනා සමන්තුරේ සිට අක්කරපත්තුව දක්වා මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1300 ක් , ගංජා මිලි ග්‍රෑම් 45000 ක් , එක් ලක්ෂ හතලිස් පන්දාහසක මුදල් සහ කුඩා තරාදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් සන්තකයේ තිබී මානව සම්පත් සහ ස්වභාවික සම්පත් සුරැකීමේ සංවිධානය නමින් හැඳුනුම්පතක්ද තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.