IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරෙන් ගෙනා දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල චීන කොටුව ප්‍රදේශය හරහා සංචරණ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදෙස් දුම්වැටි 3000 සමග සැකකරුවෙකු බේරුවල චීන කොටුව ප්‍රදේශයේ අද (9) තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අලුත්ගම ගාලු පාරේ පොලිස් අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු පැවසීය .

47හැවිරදි සැකකාර පුද්ගලයා කලක සිට මෙම ජාවාරම සිදු කර සිල්ලරට දුම්වැටි අලෙවි කරන කුඩා වෙළඳසැල් වෙත තොග වශයෙන් ලබා දෙන්නකු බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ .

මෙලෙස නීති විරෝධී විදෙස් දුම්වැටි අලෙවි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසියට හසුව පුද්ගලයකු බවත් අත්අඩංගුවට පත් සැකකරු නඩු භාණ්ඩ සමග බේරුවල පොලිසිය ට බාරදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

හොරෙන් ගෙනා දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site