(මංගල එදිරිසිංහ)
හොරණ මූලික රෝහලේ කනිෂ්ට කාර්ය මණ්ඩල පුරප්පාඩු වහාම සම්පුර්ණ කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා අද (03) දා දහවල් හොරණ මූලික රෝහලේ සේවකයින් පිරිසක් එම රෝහල් පරිශ්‍රය ඉදිරිපිට ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.
අතුරු දීමනාව වහාම ගෙවීමල එකඟවූ නිදි විවේක දීමනාව වහා ලබා දීමල කොව්ඞ් වසංගත තත්වය යටතේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් ලබා දීම සහ සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ඉල්ලිම් රැසක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණී.
අතුරු දීමනා වහා ගෙවනුි එකඟ වූ නිදි විවේක දීමනාව වහා ලබා දෙනු’කොරෝනා වලින් මැරුණොත් අපට වගකියන්නේ කවුද’ අය වැයෙන්ිසෞඛ්‍යට වෙන් කළ ප්‍රතිපාදන වැඩි කරනු’ යන මැයෙන් සටහන් කරන ලද විරෝධතා පුවරු රැගෙන මෙලෙස විශාල පිරිසක් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටියහ.
මෙම විරෝධතාවයට උපස්ථායකවරු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ පරිපාලකවරු එක්ව සිටි අතර රෝහල් කටයුතු වලට බාධාවක් නොවන පරිදි ආහාර පැයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවෝ සාමකාමීව විසිර ගියහ. සමස්ත ලංකා සුව සේවා සංගමයේ හොරණ මූලික රෝහල් ශාඛාව මගින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක