IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හෝමාගම රෝහල නැවතත් කොරෝනා රෝගීන්ටම

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මූලික රෝහල හෙට (08) සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් මෙතෙක් ලබා දුන් ප්‍රතිකාර යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති  අතර සෙසු සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බවද  ඒ මහතා වැඩිදුරටත් කීය.

ඒ අනුව ඇඳන් හැටකින් යුත් අංග සම්පූර්ණ වාට්ටුවක් මේ වන විට වෙන් කර ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

මෙම කොවිඩ්  ප්‍රතිකාර ඒකකය සඳහා විශේෂඥ  වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉදිරි ප්‍රතිකාර ලබාදීමට නියමිත අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ද  විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

හෝමාගම රෝහල නැවතත් කොරෝනා රෝගීන්ටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site