IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හබරාදූව ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

( සුමතිපාල දීයගහගේ )


හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලබන වසරේ (2021)අයවැය ලේඛනය වැඩි චන්ද 14 කින් (අද 24 ) සම්මත විය.

මෙහිදී ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් හතර දෙනෙක් අයවැය ලේඛනයට පක්ෂව චන්දය පාවිච්චි කළ අතර විපක්ෂයේ මන්ත්‍රිවරුන්වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්තිදෙනෙක්   සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා අයවැයට විරුද්ධව චන්දය පාවිච්චි කළහ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු වන මනුජිත් ළමාහේවා මහතා චන්දයදීමෙන් වැලකී සිටියේය.

ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු වන නිව්ටන් පුංචිහේවා යනමහත්වරුන් දෙදෙනා මෙම රැස්විමට පැමිණ සිටියේ නැත.

සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ පුධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි.



අදහස් (0)

හබරාදූව ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site