(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල)
හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියකට බැණවැදී තර්ජනය කර පහරදීමට උත්සාහකිරිමට විරෝධය පල කිරිම සදහා ප්‍රාදේශීය සභාවේ සියලුම නිලධාරින් සහ සේවකයින් අද (26) අසනීප නිවාඩු දමාසේවයට පැමිණිමෙන් වැලකී සිටිති.
මේ අනුව එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුලු ප්‍රධාන කාර්යාලයේ නිලධාරින්ද, අහංගම උප කාර්යාලයේ නිලධාරින් හා සේවකයින්ද මාර්ග, විදුලි,සෞඛ්‍ය පුස්තකාල,ආයුර්වේද යන අංශවල සේවකයින්ද ඇතුලුව 125 දෙනෙකුපමන අසනිප නිවාඩු ගෙන සේවයට පැමිණ නොතිබු බව වාර්තාවේ.
හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ඊයේ (25) උදෑසන කාර්යාලයට පැමිණ අඩුපාඩුවක් ඇති කොන්ත්‍රාත්තුවක් සදහා චෙක්පතක් නිකුත් කරන ලෙස බලපෑම් කරමින් ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණවැදී තර්ජනය කොට පහරදිමට උත්සාහ කිරිමට විරෝධය පල කරමින් සේවකයින් අසනීප නිවාඩු ගෙන සේවයට නොපැමිණ ඇත.
මේ පිළිබද කළ විමසුමකදී ප්‍රාදේශිය සභාවේ ලේකම් සුමිලා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවාය.
ප්‍රාදේශීය සභාවේකාර්මික නිලධාරිනියට බැණවැදි තර්ජනය කොට පහරදීමට මන්ත්‍රිවරයෙකු උත්සාහ කිරිම නිසා ඊට විරෝධය පල කිරිමට සේවකයින් අසනිප නිවාඩු දමා සේවයට පැමිණ නැහැ.මේ පිළිබද විදිමත් පරික්ෂණයක් සිදු නොකළහොත් හෙට (27) දිනයේ සේවකයින් සේවයට පැමිණ රාජකාරි කිරිමෙන් වැලකී සිටීමට තීරනය කර තියනවා. ඒ වගේම මෙම සිද්ධිය දකුණු පළාත් පාලන කොමසාරිස්තුමාට සහ ගාල්ල දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්තුමියටද දැනුම්දි තියෙනවා.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හබරාදූව ප්‍රා සබේ විරෝධතාවක්