(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා රෝගීන් හදුනාගැනීමේ පරීක්ෂණ කටයුතුවල යෙදී සිට සිය යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෙද සොයුරියක ඊයේ( 21) සවස අත්තනගල්ල පාලම අසලදී වෑන් රියක ගැටී අනතුරට පත්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අලවල, අත්තනගල්ල, නිට්ටඹුව හා බදුවතුගොඩ පෙදෙස්වලදී ජංගම පී.සී.ආර්. පරීකෂණ කටයුතු අවසන් කර නිවසට යමින් සිටියදී ඊයේ සවස 5.30ට පමණ අත්තනගල්ල පාලම අසල දී ඇය අනතුරට පත්කළ වෑන් රථය නොනවත්වා පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.
ඒ අවස්ථාවේදීම කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කළ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රථය අනතුර සිදු වී සුළු මොහොතකින් ඒ ලගාවී ඇති අතර සිද්ධිය දැනගත් වහාම ඇයව ඉක්මනින් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
හෙද සොයුරිය අනතුරට පත් කර පලාගිය වෑන් රථය හා එහි රියදුරා පිළිබඳ තොරතුරු දන්වන ලෙස නිට්ටඹුව පොලීසිය ඉල්ලා සිටීන අතර එම රිය හදුනාගැනීමට පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙදිය අනතුරකට ලක් කර පලා ගිය රථය ගැන තොරතුරු සොයයි