( රංජන් කස්තුරි )
මහරගම දන්ත රෝහලේ වෛද්‍යවරියක් එම රෝහලේ හෙදියකට කණට පහර දුන් බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි.
එම හෙද නිලධාරිනිය කොළඹ ජාතික රෝහලේ 73 වැනි වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
එම හෙද නිලධාරිනිය සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙස කටයුතු කරන අතර හෙදිය හා වෛද්‍යවරිය අතර බහින්බස්වීමක් දුරදිග ගොස් වෛද්‍යවරිය හෙදියගේ කණට පහර කිහිපයක් ගසා ඇතැයි ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයිද එසේ නොකළහොත් වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෙදියකගේ කණට ගැසුවාට පරීක්ෂණයක් ඉල්ලයි