IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටිහැටියේ බකමූණ ප්‍රදේශයට වන අලි ප්‍රහාරයක්

 


 
(ඉන්දික අරැණ කුමාර)

වසර ගනනාවකට පසු බකමූණ ප්‍රදේශයට කඩා වැදුනු වන අලි රංචුවක් නිවාස හා වගා රැසකට හානි පමුණුවා ඇතැයි ප්‍රදේශවාසිහු කියා සිටිති.

පසුගියදා (09) රාත්‍රියේ බකමූණ නගරය ආසන්න ගම්මාන කිහිපයකටම ඇතුළුවී ඇති මෙම වන රංචු ප්‍රදේශයේ නිවසකටද පහර දී ඇතැයි බකමූණ - ටැක් 08 ප්‍රදේශයේ ගොවිහු කියා සිටිති.

මින්නේරිය - ගිරිතලේ සොභා රක්ෂිතයෙන් හා අඹන් ගඟ ඔස්සේ මෙම වන අලි පැමිණ ඇති බවද ඔවුහු කියා සිටිති.

බකමූණ ප්‍රදේශයේ කෙසෙල්, පොල් හා මඤ්ඤොක්කා වගාවන්ටද වන අලි හානි කර ඇති බව ගොවිහූ කියා සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බකමූණ - ටැක් 08 ලිපිනයේ පදිංචි කේ.බි. අබේසිංහ මහතා (51) කියා සිටියේ වන අලින් ප්‍රදේශයේ වගා රැසකට හානි සිදුකර ඇති බවයි. වසර ගනනාවක් තිස්සේ ඉතා දුක් මහන්සියෙන් වගා කරගත් සිය වගාවන් වන අලින්ට දන් දීමට සිදුවීම කණගාටුවට කරැණක් බව ද හෙතම කියා සිටියේය.

මේ අතර වී ගබඩාකර තිබු නිසකට වන අලියෙකු පහර දී එහි බිත්ති පෙරලා ගබඩා කර තැබු වීද විනාශ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

බකමූණ ප්‍රදේශයට සිදුව ඇති වන අලි හානි සම්බන්ධයෙන් කළාප භාර වනජීවි කාර් යාලයෙන්ද විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ බකමූණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වන අලි තරජන සම්බන්ධයෙන් සිය දෙපාර්ථමේන්තුව ක්‍රියාත්මක වී ඇති බවත්, ප්‍රශ්න ගත වන අලි අදාල ප්‍රදේශ වලින් පලවා හැරිමට කඩිනමින් පියවර ගන්නා බවත්ය.
 

 



අදහස් (0)

හිටිහැටියේ බකමූණ ප්‍රදේශයට වන අලි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site