
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තෙගොඩ නැගෙනහිර ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිසේන අතුකෝරල මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව මත්තෙගොඩ පොලීසිය පවසයි.
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේදී සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, ප්‍රතිකාර කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.
මත්තෙගොඩ නිවාස සංකීර්ණ ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක යමින් සිටියදී මත්තේගොඩ සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පසුපසින් පැමිණ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය කියයි.
අනතුරට පත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචිමාර්ග කියයි.
අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්තේගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රිය අනතුරකින් කළුබෝවිල රෝහලට